හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානීට මහ පරිමාණ මූල්‍ය වංචා චෝදනාවක්

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් සහ පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න යන තිදෙනාගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කෙරේ.

කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ඊයේ(31) අදාළ නියෝගය නිකුත් කරන ලදි.

පසුගිය රජය සමයේ කැබිනට් අනුමැතිය සහිතව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සේවක අර්ථ සාධක අරමුදල සහ ලිට්රෝ ගෑස් සමාගම යන ආයතනවල රු. බිලියන 18.5ක් හොටෙල් ව්‍යාපෘතියක් සඳහා සිනෝ ලංකා නැමති සමාගමට ලබා දී තිබේ.

සිනෝ ලංකා සමාගමේ අධ්‍යක්ෂකවරුන් ලෙස කටයුතු කර ඇති මොවුන් මෙම බිලියන 18.5 න් බිලියන 4ක් යොදවා හම්බන්තොට ප්‍රදේශයේ සුපිරි හෝටලයක් කැබිනට් අනුමැතියද නොමැතිව සදා ඇත.

මේ සම්බන්ධයෙන් එම තිදෙනා සැකකරුවන් ලෙස නම්කර ඇති අතර තවදුරටත් විමර්ෂණ පවත්වාගෙන යන බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය විසින් අධිකරණයට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 − 1 =