ඉරාක රජය රූපවාහිනී නාලිකා දෙකක විකාශනය අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – ඉරාක රජය, එරට රූපවාහිනී නාලිකා දෙකක විකාශන කටයුතු අත්හිටුවීමට කටයුතු කර තිබේ.

රුදාව් සහ කුර්දිස්තාන් ටුවෙන්ටි ෆෝ නාලිකා දෙකයි මෙලෙස තහනමට ලක්වී ඇත.

ජනතාව අතර වෛරය පැතිරවීම සහ ඔවුන්ව ප්‍රචණ්ඩ ක්‍රියාවලට පෙළඹවීම මෙම නාලිකාවලට එල්ලවී ඇති චෝදනාව වේ. ඒ හේතුවෙන් ඉරාකයේ සන්නිවේදන සහ මාධ්‍ය කොමිෂන් සභාව එම නාලිකාවල විකාශන කටයුතු අත්හිටවීමට පියවර ගෙන තිබේ.

කෙසේවෙතත් අදාළ මාධ්‍ය ආයතන නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ ඔවුන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *