නුවරඑළියට පළාත් පාලන ආයතන 06ක්

(කොළඹ, ලංකාපුවත්) – නව සීමා නිර්ණයන්ට අනුකූලව නුවරඑළිය දිස්ත්‍රික්කය පළාත් පාලන ආයතන 06ක් වශයෙන් ප්‍රාදේශීය සභා ප්‍රමාණය වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

එම නිර්ණායක මත පදනම්ව වර්තමාන අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය අඹගමුව, මස්කෙළිය සහ නොර්වුඩ් ප්‍රාදේශීය සභා වශයෙන් නව පළාත් පාලන ආයතන 03ක් ලෙස සංස්ථාපනය කිරීමටත්, වර්තමාන නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය නුවරඑළිය, ආගරපතන සහ කොටගල ප්‍රාදේශීය සභා වශයෙන් නව පළාත් පාලන ආයතන 03ක් ලෙස සංස්ථාපනය කිරීමටත් තීරණය කර තිබේ.

නව පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමට සහ පවත්නා පළාත් පාලන ආයතන උත්ශ්‍රේණිගත කිරීමට විද්වත් කමිටුවක් විසින් සකස් කරන ලද නිර්ණායක සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මේ වන විටත් අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, ඉහත සඳහන් පළාත් පාලන ආයතන ද ඇතුළත්ව සියලු ම පළාත් පාලන ආයතන සංස්ථාපන නියමයන් අද (01) ගැසට් කිරීමට ද කටයුතු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *