ස්ථාවරය ගැන සතුටුයි – වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු

(කොළඹ, ලංකාපුවත්) – සයිටම් ගැටලුව සම්බන්ධයෙන් රජය විසින් ලබා දුන් විසඳුම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පිළිගැනීම. සම්බන්ධයෙන් තමා සතුටට පත්වන බව සයිටම් ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පවසයි.

සෑම වෛද්‍ය ශිෂ්‍යයකුගේම සිහිනය වන්නේ වෛද්‍යවරයකු ලෙස මූලික සුදුසුකම් සපුරා, පශ්චාත් උපාධි පුහුණුව සම්පූර්ණ කොට විශේෂඥ වෛද්‍යවරයකු වීම බව නෙවිල් ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එබැවින් රජයේ වෛද්‍ය පීඨ සිසුන් නැවත අධ්‍යාපන කටයුතු හා සායනික පුහුණුව වෙත යොමු කරවන ලෙස තමා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටින බවත් සියලු මතභේද දුරුකර රටේත්, සිසුන්ගේත් අනාගත අභිවෘද්ධිය සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපනය ලැබිමට ඇති නිදහස ස්ථාපනය කිරීමට හැකිවීම පිළිබඳවද තමා නිහතමානීව සතුටු වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *