ඉන්දියාවේ පිපිරීමකින් 22ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගල් අඟුරු බලාගාරයක බොපිලේරුවක් පිපිරීමෙන් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

100කට අධික පිරිසක් තුවාල ලබා ඇත. මෙම බලාගාරයේ නිපදවන විදුලි ප්‍රමාණය මෙගාවොට් 1,550කි. එමගින් විදුලිය උත්තර් ප්‍රදේශ් ඇතුළු ප්‍රාන්ත 09කට බෙදා හැරේ.

මෙහි පිපිරීමක් ඇතිවීමට හේතුව නිශ්චිතව අනාවරණය වී නොමැත. නමුත්, බලාගාරයේ බොයිලේරුවට පහළින් ඇති උඳුනේ අළු තැන්පත්වීමෙන් ඇතුළත හටගත් පීඩනය ඊට හේතු වන්නට ඇති බවට පොලීසිය පවසා ඇත.

බලාගාරයේ මෙගාවොට් 630ක විදුලි ධාරිතාවක් නිපදවන ඒකක 03ක් මේ වන විට ක්‍රියාකාරී තත්වයේ පවති. නමුත් පිපිරීම හේතුවෙන් මෙගාවොට් 500ක විදුලි ධාරිතාවක් නිපදවන ඒකකය වසා දැමීමට සිදුවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *