ඕස්ට්‍රේලියා අගමැති දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අද(02) අලුයම 7.05ට කටුනායක ගුවන් තොටුපොලින් ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා මිතුදමට මේ වසරේදී වසර හැත්තෑවක් පිරීම වෙනුවෙන් ටර්න්බුල් මහතා මෙසේ පැමිණි බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

විශේෂ ගුවන් යානයකින් පැමිණි ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයාව ගුවන් තොටුපොළේ දී පිළිගනු ලැබුවේ අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් විසිනි.

මේ වන විට ඕස්ට්‍රේලියා අගමැතිවරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ. දෙරට අතර ආර්ථික සහ ආරක්ෂක සබඳතා තරකර ගැනීම පිළිබද මෙන්ම නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කරන බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three − three =