තිරසර දැක්ම විද්වත් කමිටු වාර්තාවේ කෙටුම්පත ජනපතිට

(කොළඹ, ලංකාපුවත්) –2030 වසර වනවිට ශ‍්‍රී ලංකාව ආර්ථික, සාමාජයීය හා පරිසර යන ක්ෂේත‍්‍රයන් ඔස්සේ සපුරා ගත යුතුව ඇති තිරසර සංවර්ධන ඉලක්කයන් පිළිබඳ විශේෂඥ කමිටුවේ පළමු වාර්තා කෙටුම්පත ඊයේ(01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්විණි.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා විසින් එම කෙටුම්පත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

2030 වසර වනවිට ශ‍්‍රී ලංකාව ආර්ථික, සාමාජයීය හා පරිසර යන ක්ෂේත‍්‍රයන්හි සපුරා ගත යුතුව ඇති තිරසර සංවර්ධන ඉලක්කයන් පිළිබඳ තිරසර සංවර්ධන දැක්මක් සම්පාදනය කිරීමට ජනාධිපතිතුමා විසින් පසුගිය ජනවාරි මාසයේ විශේෂඥ කමිටුවක් පත්කරන ලද අතර එම කමිටුවේ සභාපතීත්වය දරනුයේ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා විසිනි.

ආර්ථික, සාමාජයීය හා පරිසර යන ක්ෂේත‍්‍රයන්ට අදාළ කෘෂිකර්ම, ප‍්‍රවාහන, බලශක්ති, සෞඛ්‍ය, අධ්‍යාපන, ජලය, සාගර හා මත්ස්‍ය, නාගරික හා භෞතික සැලසුම් යන ඉලක්ක ඔස්සේ 2030 වසර වනවිට ශ‍්‍රී ලංකාව සපුරා ගත යුතු ඉලක්ක පිළිබඳව මෙම කෙටුම්පතේ සවිස්තරාත්මකව කරුණු අන්තර්ගතව ඇති අතර, එම කරුණු ඉදිරියට කි‍්‍රයාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

මෙවැනි තිරසර සංවර්ධන දැක්මක් ශී‍්‍ර ලංකාව තුළ සම්පාදනය කෙරෙන පළමු අවස්ථාව මෙය වන අතර එම කෙටුම්පත මහජන මත විමසීමක් සඳහා ලබන ජනවාරි මාසයේ ජාතික තිරසර කතිකාව නමින් ප‍්‍රකාශයට පත්කිරීමට නියමිතය.

ඒ අනුව ලබන ජනවාරි මස සිට මැයි මස දක්වා ශ‍්‍රී ලංකාවේ සියලුම දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි මේ පිළිබඳ මහජන මත විමසීමක් සිදුකිරීමට නියමිත අතර ශී‍්‍ර ලංකාවේ අනාගත තිරසර සංවර්ධන දැක්ම කෙසේ විය යුතු ද යන්න පිළිබඳ මහජනතාව, දේශපාලනඥයින්, විද්වතුන් ඇතුළු සියලු ක්ෂේත‍්‍රවල පුළුල් සංවාදයක් ඇති කිරීම ඒ තුළින් අපේක්ෂා කෙරේ.

එම අදහස් සහ යෝජනා අනුව අදාළ වාර්තාවේ ඉදිරි සංශෝධනය සිදු කෙරෙණු ඇත.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, ජාතික ආර්ථික සභාවේ මහලේකම් ලලිත් සමරකෝන්, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක යන මහත්වරුන් ඇතු`එ පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two + eight =