මන්ත්‍රී ගීතාගේ තීන්දූව අද

(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමට සුදුසුකම් නොලබන බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ගීතා කුමාරතුංග මහත්මිය ශේෂ්ඨාධිකරණයට ගොනු කළ අභියාචනා පෙත්සමේ තීන්දුව අද(02) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

අදාල නඩුව අග විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානතත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විභාග කරනු ලැබීය.

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියට මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට නොහැකි බව අභියාචනාධිකරණය විසින් පසුගිය මැයි මස 03 වනදා ප්‍රකාශයට පත් කළේය.

එම තීන්දුව අභියෝගයට ලක් කරමින් ගීතා කුමාරසිංහ මහත්මිය ශේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබූ අතර එම පෙත්සම විභාග කිරීම අවසන් කර තිබේ.

ඒ අනුව අද උදෑසන එහි තීන්දුව සිසිරද ආබෘ විනිසුරුවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + 12 =