ශී‍්‍ර ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ජපන් රජය අඛණ්ඩ සහය

(කොළඹ, ලංකාපුවත්) –දිවයිනට පැමිණ සිටින ජපන් රජයේ ආර්ථික සහයෝගිතාවය පිළිබඳ විශේෂ නියෝජිත පිරිස ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

ජපන් නියෝජ්‍ය අමාත්‍ය, අන්තර්ජාතික සහයෝගීතා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් කෂූයා නිෂිඩා (Kazuya Nashida) මහතාගේ නායකත්වයෙන් යුත් මෙම නියෝජිත පිරිස ජපන් රජයේ සහයෝගයෙන් දැනට ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය සහ ඒවායේ ඉදිරි කටයුතු පිළිබඳ දීර්ඝ වශයෙන් අදහස් ඉදිරිපත් කළේය.

ශී‍්‍ර ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ජපන් රජය අඛණ්ඩ සහය ලබාදීමට සූදානම් බව ද මෙහිදී අවධාරණය කළ නියෝජිත පිරිස දෙරට අතර සහයෝගීතාවය තවදුරටත් ඉහළ නංවා ගැනීම පිළිබඳව පුළුල් අවධානයකින් කටයුතු කරන බව ද සඳහන් කළේය.

ජපානය කවදත් ශී‍්‍ර ලංකාවේ සැබෑ මිතුරෙකු ලෙස ලබාදෙන අඛණ්ඩ සහය මෙහිදී ජනාධිපතිතුමාගේ විශේෂ ඇගයීමට ලක් විය.

ජපානයේ නිල සංචාරයක් සඳහා ජපන් අග‍්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිතුමා වෙත කළ ආරාධනය ද මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප‍්‍රසාද් කාරියවසම්, ජපන් තානාපති කෙනිචි සුගානුමා යන මහත්වරුන් සහ ජයිකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 4 =