හින්දි සිනමාවේ “මහා ප්‍රේමවන්තයා” 52වන උපන්දිනය සමරයි

(කොළඹ, ලංකාපුවත්) –හින්දි සිනමාවේ “මහා ප්‍රේමවන්තයා” ෂාරුක් ඛාන් එහෙමත් නැත්නම් කිං ඛාන් ‍ගේ උපන් දිනය අදයි(02). අදට යෙදී ඇත්තේ ඔහුගේ 52 වන උපන්දිනයයි.

ඔහු උපන්නේ 1965 නොවැම්බර් 02 දීය.

ෂාරුක්ගේ උපන් දිනය ඇලිබුග් හි පිහිටි ඔහුගේ නිවසේ දී සමරා ඇතැයි එන්ඩීටීවී පුවත් සේවය වාර්තා කර තිබේ. ඊයේ(01) මධ්‍යම රාත්‍රියේ දී ශාරුක් ඉටිපන්දම් 52ක් ගසා තිබූ උපන්දින කේක් ගෙඩියක් කැපූ බවද සදහන් වේ.

එසේම ඊට පෙර සිටම ෂාරුක් සිය උපන්දින සැමරුමට මිතුරක් කිහිපදෙනෙකුට ද ඇරයුම් කර තිබු බව කරන් ජොහාර් පවසා ඇත.

දීපිකා පාදුකෝන්, ආලිය බාත්, කත්‍රිනා කයිෆ්, අරෝරා සහෝදරියන් – මලිකා සහ අම්රිටා, සිදහර්තර් මල්හෝත්රා සහ ෆාරා ඛාන් වැනි අය මේ සදහා එක්ව සිටි බවද දැක්වේ.

ෂාරුක් ඛාන් සිය රංගන දිවිය 1980 දශ‍කයේ රූපවාහිනී වැඩසටහන් මාලාවන් අතුරින් ආරම්භ කරනු ලබනු අතර ඔහු සිය සිනමා දිවිය ආරම්භ කරනු ලබන්නේ “දීවානා” (Deewana – 1992) චිත්‍රපටියෙනි. එතැන් සිට වාණිජ සිනමාවේ වාණිජ අතින් සාර්ථක චිත්‍රපට ගණනාවක් සඳහා අග්‍රගන්‍ය මෙහෙයක් ඉටුකරමින් සිටිනු ලබන මොහු, ඔහුගේ රංගන කුසලතාවන් සඳහා විචාරක ප්‍රතිචාර රැසක් හිමිකරගෙන ඇත.

රාජ්, රාහුල්, අමන් වැනි නාමයන් සිනමාවේ දී ෂාරුක්ට චරිත වෙනුවෙන් ලැබුනු ආදරනීය නාමයන් ලෙස හැදින්විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *