අපනයන සංවර්ධනයෙන් රටේ නව වෙනසක් සඳහා වැඩපිළිවෙළ රැසක් – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – අපනයන සංවර්ධනයෙන් රට තුළ නව වෙනසක් ඇති කිරීමට රජය වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රටේ ණය බර ඉදිරි පරම්පරාව වෙත පැවරීමට ඉඩ තබන්නේ නැති බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

ඉඩම් අයිතිය අහිමි ජනතාවට ඔප්පු ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

දෙණියාය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ ඊයේ(05)පැවති වැඩසටහනේදී ඉඩම් ඔප්පු හාරදහසක් පිරිනැමුණි.

විහාරස්ථාන සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය ද සිදුකෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි. අමාත්‍යවරුන් වන සාගල රත්නායක හා ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four + 16 =