ජනපති පණ්ඩිත් අමරදේවයන්ගේ නිවසට යයි

(කොළඹ, ලංකාපුවත්) – හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් දැයෙන් සමුගෙන අදට වසරක් සපිරෙන අතර ඒ නිමිත්තෙන් පසුගිය 03වනදා පෙරවරුවේ මහරගම පිහිටි අමරදේව මහතාගේ නිවසට ගිය ජනාධිපතිතුමා විමලා අමරදේව මහත්මිය හමු වී සුහද කථා බහක නිරත විය.

සප්ත ස්වරයෙන් සුවහසක් රසික සිත් අමන්දානන්දයට පත්කළ අමරදේවයන් පිළිබද මතකය අවදි කරමින් එතුමා පරිහරණය කළ සංගීත භාණ්ඩයක් ද ජනාධිපතිතුමාගේ පිරික්සීමට ලක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *