ටී ටෙන් සදහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක්

(කොළඹ, ලංකාපුවත්) –ටී ටෙන් ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත්ව සිටි.

පන්දුවාර විස්සය විස්ස තරගාවලියක් ලෙස එය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඩුබායි හිදීය.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් මේ වන විට සමුගෙන ඇති කුමාර් සංගක්කාර තරගාවලියට ඇතුළත්ව සිටින එක් ක්‍රීඩකයෙකි. ඔහු නියෝජනය කිරීමට නියමිතව ඇත්තේ මාරතා අරාබියන් කණ්ඩායමයි. එහි නායකත්වය හිමිව ඇත්තේ විරේන්ද්‍ර ෂේවාක්ටය.

තිස් නව හැවිරිදි රංගන හේරත් ද තරගාවලියට එක්ව සිටි.

දෙසැම්බර් 14 වනදා ආරම්භ වීමට නියමිත මෙම තරගාවලියේ විවිධ කණ්ඩායම්වල පුහුණුකරුවන් ලෙස වසීම් අක්‍රම් සහ බ්‍රයන් ලාරා කටයුතු කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *