නොදන්නා තැන්වල දිය නෑමේ දී සැලකිලිමත්වන්නැයි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – තමන් නොදන්නා ජලමූලාශ්‍රවල දිය නෑමේදී හා දියට බැසීමේදී ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

රට තුළ සිදුවන දියේ ගිලී මියයෑම්වලින් 70%කට වැඩි ප්‍රමාණයක් ජනතාවගේ නොසැලකිල්ල නිසා සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

තමන් නොදන්නා ප්‍රදේශයකදී දියනෑමට හෝ ජලය ලබා ගැනීමට ජලමූලාශ්‍රවලට බැසීමේදී එම ස්ථානවල පවතින ආරක්ෂිත බව තහවුරු කරගතයුතු බවද පැවසීය.

එසේ සොයා නොබැලීම නිසා වටිනා ජීවිත දියේ ගිලී මියයන තත්ත්වයකට පත්ව තිබෙන බවත්, මෙය වළක්වා ගැනීමට ජනතාව බුද්ධිමත්ව කටයුතු කළයුතු බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ලග්ගල ඇටන්වල ප්‍රදේශයේදී, තෙල්ගමුව ඔයේ, වැද්දාපැන්න තොටේ දියනාමින් සිටි 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමෙන් 08 දෙනෙකු දියේ ගිලී මිය යෑමේ සිද්ධියක් පසුගිය සෙනසුරාදා(04) වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *