යමුනී ලොව පිළිගත් ”ඡායාරූප විශිෂ්ඨතා” සම්මානයෙන් ඇගයීමට

(කොළඹ, ලංකාපුවත්) – ඡයාරූපකරණයේ විශිෂ්ටත්වය අගයමින් ජාත්‍යනතරයේ ඉහළ පිළිගැනීමක් සහ සම්මානනීය ඇගයීමක් වන ”ඡායාරූප විශිෂ්ටතා ” සම්මානයෙන් ඇගයීමට පාත්‍රවීමට ශ්‍රී ලාංකීය ඡායාරූප ජනමාධ්‍යවේදිණියක වන යමුනී රශ්මිකා පෙරේරා මහත්මිය සමත්විය.

මෙම සම්මානය මෙතෙක් ශ්‍රී ලාංකික කාන්තා ඡායාරූප ජනමාධ්‍යවේදිණියක විසින් ලබාගත් ප්‍රථම අවස්ථාව වේ.

ප්‍රංශයේ ජාත්‍යන්තර ඡායාරූප කලා සම්මේලනයෙන් පිදෙන ලොව පිළිගත් ”ඡායාරූප විශිෂ්ඨතා”(EFIAP) සම්මානයෙන් ඇගයීමට ලක් කර තිබේ.

ජාතික මෙන්ම ජාත්‍යන්තරය පිළිගත් ඡායාරූප තරඟ හා ප්‍රදර්ශන රැසක ඉහළ ප්‍රවිණතා දැක්වීමට යමුනී රශ්මිකා සමත් වී තිබේ. මෙම EFIAP සම්මානය ලොව පිළිගත් ඡායාරූප ශිලීන් උදෙසා සිය වෘත්තීය නිපුණතාවය අගයමින් පිරිනමන්නා වූ ඉහළම අගයීමකි.

මෙම ඇගයීමය පාත්‍රවීම සඳහා ජාත්‍යන්තර පිළිගනීමට ලක්වන ඡායාරූප 250 ට වඩා ජයග්‍රහන අත්කර තිබීම සහ රටවල් 20 වඩා සහභාගීත්වයක් ලබාදීම අත්‍යාවශ්‍ය වේ.

මේ වනවිට යමුනී රශ්මිකා විසින් අන්තර්ජාතික මට්ටමට ඉදිරිපත් කර තෙරීපත් වී ඇති ඡායාරූප සංඛ්‍යාව 513කි. මෙම ඡායාරූප රටවල් 31ක් නියෝජනය කරයි. මේ වනවිට ඇය විසින් ජයග්‍රහනය කර ඇති සම්මාන සංඛ්‍යාව 48කි.FIAP රන් සම්මාන 07ක්, PSA රන් සම්මාන 01ක්, IUP රන් සම්මාන 01ක්, සැලෝන් රන් සම්මාන 02ක්, PSA රිදී සම්මාන 02ක්, RPS ලෝකඩ සම්මාන 01ක්, FIAP ගෞරව සම්මාන 05ක්, PSA ගෞරව සම්මාන 06ක්, GPU ගෞරව සම්මාන 03ක් සහ සැලෝන් ගෞරව සම්මාන 17 දිනා ගැනීමට සමත්ව තිබේ.ලෝකයේ ප්‍රධානපෙලේ ඡායාරූප තරඟ රැසකින් ජය ලබාගැනීමට යමුනී රශ්මිකා පෙරේරා සමත් වී තිබේ.

2nd International Photo Competition and EXHIBITION MYSTIC 2017 Balkan-Serbia තරඟාවලියට සහභාගීවෙමින් ජාත්‍යන්තරයේ ඇගයීමට පාත්‍රා වූ FIAPරන් සම්මාන දෙකකකින් සහ PSA රන් සම්මානයෙන් එකවර පිදුම් ලැබීමට සමත් වූවාය.

ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, රුසියාව,ජපානය,චීනය, ඉරානය,ස්වේකියාව, ඕමානය, එංගලන්තය, තුර්කිය , යේමනය, එක්සත් අරාබි එමිර් රාජ්‍ය, කටාර්, මැසඩොනියා, බල්ගේරියා, යුක්‍රේනය ඇතුළු තවත් රවටල් රැසක ඡායාරූප තරඟ සඳහා සහභාගීවෙමින් ජයග්‍රහන හිමිකර ගැනීමට සමත් විය.

මීට පෙර අන්තර්ජාතික ඡායාරූප තරඟ රැසකින් ජයග්‍රහණ හිමිකර තිබෙන යමුනී රශ්මිකා පෙරේරා, ප්‍රංශයේ ජාත්‍යන්තර ඡායාරූප කලා සම්මේලනය මඟින් පිරිනමන ඡායාරූප කලාවේ දී AFIP සම්මානයෙන් පිඳුම් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකිය ඡායාරූප කලාවේදිනියද වේ.

මේ වනවිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඡායාරූප ශිල්පිණියක ලෙස යමුනී රශ්මිකා පෙරේරා සේවය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *