සෞදියේ රජ පවුලේ කුමාරවරු 11ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු ඇතුළු රජ පවුලේ කුමාරවරු 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දූෂණ චෝදනා එල්ලවීම ඊට හේතුව වේ.

සෞදියේ නව දූෂණ විමර්ශන ඒකකය මගින් සෞදි අරාබියේ කුමාරවරුන් ඇතුළු විශාල පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මේ අතර අමාත්‍යවරුන් සිව්දෙනෙකු හා හිටපු අමාත්‍යවරුන් විශාල පිරිසක් ද සිටි. ඇපල් හා ට්විටර් සමාගමේ අයෝජනයන් සහිත බිලියනපතියෙකු වන අල්වලීඩ් බින් තලාල් කුමරු ද අත්අඩංගුවට ගැනුණු පිරිස අතර වේ.

සෞදියේ නව දුෂණ විමර්ශන කමිටුවට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු හා සංචාරක තහනම් පැනවීමේ නියෝග නිකුත් කිරීමට බලය පවති.

මේ අතර සෞදි අරාබියේ සල්මන් රජු ජාතික ආරක්ෂක හා නාවික හමුදා ප්‍රධානීන් ධූරයෙන් ඉවත් කර නව පත්කිරීම් සිදුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + 20 =