ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ අදහස් ගැනීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මොහෙයුම් කමිටු වාර්තාව සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ ජනතා අදහස් ලබාගැනීම සඳහා ජනමත විමසුමක් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවට අදාළව පස්දින විවාදය ලබන 08 වැනිදා අවසන් කිරීමත් සමග වෙබ්අඩවි සහ ෆෙස්බුක් මගින් ජනතා අදහස් ලබාගැනීමේ ජනමත විමසුම ආරම්භ වේ.

වෙබ් අඩවි හා ෆේස්බුක් හරහා වෙබ් කමෙන්ට් මගින් මෙරටට සහ විදෙස් රවටල සිටින ශ්‍රී ලාංකිකයන්ට ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ඉදිිපත් කළ හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සඳහා අන්තර්ජාලය ඔස්සේ ආසියා පැසිෆික් කලාපයේ රටක් ලෙස ශ්‍රී ලංකාව ලොව පුරා ජනතාවගේ අදහස් විමසන ප්‍රථම අවස්ථාව මෙය වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ ලැබෙන යෝජනා සුදුසු පරිදි සකස් කර, සංස්කරණය සඳහා වෙබ් හා ෆෙස්බුක් ක්‍රියාකාරීන්ගේ දායකත්වය ලබාගැනීමේ වැඩපිළිවෙළක් ද ඉදිරි දින කිහිපය තුළදී ආරම්භ කෙරේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ලැබෙන සියලු වැදගත් යෝජනා ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ සියලු සාමාජිකයන්ගේ අවධානය සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙළක් ද අගමැතිතුමාගේ උපදෙස් අනූව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *