ඌව පළාත් සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – දැනටමත් ඌව පළාතට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය වැඩිවී ඇති බවත්, 2016 තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කළ පරිදි සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා ඉදිරියේදීත් ප්‍රතිපාදන වැඩි වැඩියෙන් ලබා දී ක්‍රියාකරන බවත් ඌව පළාත් ආණ්ඩුකාර ඇම්.පී.ජයසිංහ මහතා පැවසීය.

හපුතලේ ක්‍රීඩාංගනයේ ලෝක සංචාරක දිනය වෙනුවෙන් පැවැත්වූ ඌව පළාත් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“යටත් විජිත සමයේ උඩරට දුම්රිය මාර්ග ආරම්භ වූ බවද එහි වටිනාකම අදටද පවත්නා බව පැවසු ආණ්ඩුකාරවරයා එය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගනිමින් තිබෙන බවද පැවසිය. ඇල්ල වැනි නගර වල විදේශ සංචාරකයන් වැඩිපුර පැමිණෙන බවත් පළාතේ සංචාරක ස්ථාන වැඩි දියුණු කර සංචාරකයන්ගේ පහසුකම් සැලසීමට ක්‍රියා කරන බවද වැඩිදුරටත් පවසමින් ඒ අනුව පළාතේ සංචාරක ස්ථාන දියුණු වනවා සේම රටට විදේශ විනිමය විශාල ලෙස උපයාගැනීමට හැකියාව ලැබෙන බවද ඒ මහතා පැවසිය.

මේ අවස්ථාවට ඌව පළාත් සභා මන්ත්‍රී සුමිත් සමයදාස මහතා, සංචාරක හා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අබේසිංහ හඳවලපිටිය මහතා, ඌව පළාත් සැලසුම් අධ්‍යක්ෂක චින්තක හෙට්ටිආරචිචි මහතා, හපුතලේ නාගරික ලේකම් ධමිමිකා මහත්මිය ඇතුළු නිලධාරීන් රැසක් මේ අවස්ථාවට සහභාගී විය.

වෛද්‍යවරයා සඟරාවේ විධායක කතෘ ඇතුළු අනුග්‍රාහකයින් රැසක් මේ අවස්ථාවට එක්විය. මෙහිදී විදෙස් සංචාරකයින් රැසකට සමරු තිලිණ ප්‍රධානයක්ද සිදුකරන ලදි.

තවද එම දෙස් විදෙස් සංචාරකයින්ගේ සහභාගීත්වයෙන් හපුතලේ කන්ද තරණය කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *