තෙල්ගමුව ඔයේ ගිලුණු අවසන් දරුවන් දෙදෙනාගේත් සිරුරු හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ලග්ගල – තෙල්ගමුව ඔයේ ඉකුත් 04 වන දා දිය නෑමට ගොස් අතුරුදන් වු අට දෙනෙකුගෙන් යුත් පිරියේ අවසන් දරුවන් දෙදෙනා ද අද(06) උදේ 07.30ට පමණ සොයාගත් බව මෙහෙයුමේ නිරත ආරක්ෂක අංශ තහවුරු කළේය.

මෙලෙස සොයාගනු ලැබුවේ නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි උඩුවරගේ රවින්ද්‍ර ලසන්ත(39) සහ රුවනි දිල්රුක්ෂි(38) යන අයගේ දරුවන් වන උඩුවරගේ දොන් රිශාධි වගීෂා (12) සහ උඩුවරගේ දිමාෂි විදුෂා(07) යන අයයි.

ඉකුත් සෙනසුරාදා සවස එකයි තිහත් දෙකත් අතර සිදුවු මෙම අනතුරින් පුද්ගලයෝ 08 දෙනෙක් මියගිය අතර තුන්වන දිනටත් ක්‍රියාත්මක වු මෙහෙයුමේ දී මෙම දැරියන් දෙදෙනාගේ සිරුරු තෙල්ගමුව ඔයේ වැද්දාපැනි ඇල්ල ප්‍රදේශය ආසන්නයේ තිබි ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.

මෙහෙයුම සඳහා ශ්‍රි ලංකා යුදහමුදාවේ හා නාවික හමුදාවේ විශේෂ කාණ්ඩායම් දෙකක් හා පොලිස් ජීවිතාරක්ෂක ඒකක මෙන්ම ඇටැන්වල ප්‍රදේශයේ පුද්ගලයින් රැසක්ද එක්ව සිටියේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *