පාකිස්තානු නාවික නෞකා සයිෆ් කොළඹ වරායට සේන්දු වෙයි

(කොළඹ, ලංකාපුවත්) –පාකිස්තානු නාවික හමුදාවට අයත් සයිෆ් නෞකාව ඊයේ (05) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණියේය.

එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළි ගනු ලැබීය. සයිෆ් නෞකාව දිගින් මීටර් 123කින් යුක්ත වන අතර, පළලින් මීටර් 13.2කි.

ටොන් 3144ක ධාරිතාවකින් යුත් නෞකාවේ 255දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් රාජකාරී කටයුතු වල නිරත වේ.

සිව් දින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකා කාර්යය මණ්ඩලය දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද සුහද ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා සහභාගී වීමට නියමිත නිල සංචාරයෙන් අනතුරුව අට වනදා මෙම නෞකාව ‍කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *