පොලිස් ජීවිතාරක්‍ෂක සේවය වෙත නව තාක්‍ෂණික උපකරණයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා පොලිස් ජීවිතාරක්‍ෂක සේවය වෙත නව තාක්‍ෂණික උපකරණයක් වන AED යන්ත්‍රයක් ලබා දීමේ උත්සවය අද(06) පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේ දී පැවැත්විණි.

මෙම නව තාක්‍ෂණික උපකරණය දියේ ගිලුණු හෝ වෙනයම් තත්ත්වයක් හේතුවෙන් හදවතේ රිද්මය නතර වූ පුද්ගලයෙකු වෙත හෘද පෙනහළු ප්‍රතිප්‍රබෝධනය කිරීමේ ක්‍රියාවලිය විධිමත්ව ලබා දීම වෙනුවේ භාවිත කරනු ලැබේ. මෙම උපකරණය ADE (AUTOMATED EXTERNAL DEFIBRILATOR)නමින් හදුන්වන අතර මෙම යන්ත්‍රය ලක්‍ෂ 03කට ආසන්න වටිනාකමකින් යුක්ත වේ.

පොලිස් ජීවිතාරක්‍ෂක සේවාව මගින් 2014 වසරේ දී ජීවිත බේරා ගැනීම් 72ක්ද, 2015 දී ජීවිත බේරා ගැනීම් 81ක්ද, 2016 දී ජීවිත බේරා ගැනීම් 132ක් ද සිදු කර ඇත. එසේම 2017 වසරේ ඔක්තෝබර් මාසය දක්වා ජීවිත බේරා ගැනීම් 76ක් වශයෙන් දියේ ගිලී අනතුරට පත් වූ පුද්ගලයින් බේරා ගෙන තිබේ.

පොලිස් ජීවිතාරක්‍ෂක සේවාවේ මෙම විශිෂ්ඨ සේවාව අගය කරමින් ස්විස්ටර්ලන්තයේ පදිංචි සුනිල් කැකුලන්දර මහතා විසින් මෙම නව උපකරණය පොලිසිය වෙත පරිත්‍යාග කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *