බස්-ත්‍රීරෝද අනතුරින් 05ක් මරුට – 44කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ – පුත්තලම මාර්ගයේ මදුරන්කුලිය – 10 කණුව ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ.

අනතුරින් තවත් පුද්ගලයින් 44දෙනෙකු තුවාල ලබා පුත්තලම, හලාවත සහ මුන්දලම යන රෝහල්වලට අතුළත් කර ඇති බව වාර්තා වේ.

අද (06) පෙරවරු 8.00ට පමණ කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.

පොලීසිය පැවසුවේ බස් රථය මදුරන්කුලිය 10 කණුව අසළදී ත්‍රීරෝද රථයක් පසුකර යෑමට උත්සාහ කිරීමත් සමඟ පාළමේ ආරක්ෂිත වැටෙහි ගැටී පෙරළී යාමෙන් අනතුරට ලක්ව ඇති බවය.

අනතුර හේතුවෙන් කොළඹ – පුත්තලම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *