විදේශීය කිරිපිටි සමාගම්වලට මෙරට ආක‍්‍රමණය කිරීමට ඉඩ දෙන්නේ නැහැ – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – විදේශීය කිරිපිටි සමාගම්වලට මෙරට ආක‍්‍රමණය කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.
ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ(05) පෙරවරුවේ පොළොන්නරුව, අරලගංවිල ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

ළදරු කිරිපිටි සඳහා සහන ලබා දෙන අතරම, පිටරටින් ගෙන්වන අනෙකුත් කිරිපිටිවලට සීමා පනවමින් දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

කිරිපිටි ආනයනය සඳහා වාර්ෂිකව ඉතා විශාල මුදලක් වැය කෙරෙන අතර, එය රටේ ආර්ථිකයට දැඩිව බලපා ඇති බව පැවසූ ජනාධිපතිතුමා ලෝකයේ සංවර්ධනය වූ කිසිදු රටක් අද විදේශීය කිරිපිටි භාවිතා නොකරන බව ද කියා සිටියේය. අද ශී‍්‍ර ලංකාව පිටරටින් ගෙන්වන කිරිපිටි වැඩිපුරම භාවිතා කරන රටක් බවට පත්ව ඇති අතර මෙම තත්ත්වය වහා වෙනස්විය යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

සිය දේශපාලන දිවියේ ආරම්භක අවධියේ සිට තමාට ශක්තියක් වූ සහෘද කලාකරුවෙකු වූ ජේ.ආර්. ගුණසේන කලාකරුවා වෙනුවෙන් සංගීත භාණ්ඩ පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

දඹුලාගල අධ්‍යාපන කලාපයේ 05 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත් වැලිකන්ද ප‍්‍රදේශයේ සිසුවෙකු වෙනුවෙන් ජනාධිපතිතුමා අතින් තිළිණයක් පිළිගැන්විණි.

රටවල් 183 ක නියෝජනයෙන් පැවති ජාත්‍යන්තර හස්ත කර්මාන්ත තරගාවලියේ ප‍්‍රථම ස්ථානය දිනාගත් සෙවනපිටිය චමින්ද මහතා දිනාගත් සම්මානය ද ජනාධිපතිතුමාගේ සුරතින් ප‍්‍රදානය කිරීම සිදු විය.
මෙම ජනහමුව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ජනතාව මැතිවරණ වලදී ඡුන්දය භාවිතා කළයුත්තේ වංචාවෙන්, දූෂණයෙන් තොර ජනතා නියෝජිතයින් වෙනුවෙන් බවත් රට සංවර්ධනය කළ හැක්කේ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළින් බවත් ය.

රට ඉදිරියට ගෙන යාමේදී තමාට අවශ්‍ය වන්නේ වංචාවෙන්, දූෂණයෙන් තොර අවංක දේශපාලන කඳවුරක් බව ද මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.

ප‍්‍රදේශයේ සිදුවන සංවර්ධන කටයුතු හා එහිදී මතුව ඇති ගැටලූ පිළිබඳව ද මෙහිදී සාකච්ඡුාවට ලක් කෙරිණි. නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, උතුරු මැද පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති ජයන්ත මාරසිංහ, මහින්ද රත්නායක යන මහත්වරුන් ඇතුු`එ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *