ඉන්ධනහල් වෙත විශේෂ චක්‍රලේඛයක්

(කොළඹ, ලංකාපුවත්) – වාහනවලට පමණක් ඉන්ධන නිකුත් කිරීම සඳහා පිරවුම්හල්වලට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ මහතා පවසයි.

මේ දිනවල බාහිර පුද්ගලයන් කෑන්වලට හා බෝතල්වලට තෙල් ලබාගැනීමේ තත්ත්වයක් පැවති අතර ඒවා වැඩිමිලට අලෙවි කිරීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි ලේකම්වරයා සඳහන් කළේය. අද(07)දිනයේ අවම වශයෙන් පෙට්‍රල් මෙට්‍රික්ටොන් 2400ක් අනිවාර්යයෙන් නිකුත් කරන අතර ඊට වැඩි ප්‍රමාණයක් නිකුත් කිරීමට ද අපේක්‍ෂා කරන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ තවදුරටත් පැහැදිලි කළ උපාලි මාරසිංහ මහතා,

” පසුගිය දින කීපය තුළ මතුවූ ඉන්ධන හිඟය සම්බන්ධයෙන් නීතිගත සංස්ථාව ප්‍රමාණවත් පියවර ගත්තා දිනකට අවශ්‍ය කරන පෙට්‍රල් තොග නිකුත් කරන්න..නමුත් පසුගිය දවස් කීපයම නිරීක්ෂණය කරපු දෙයක් තමයි අපි වෙළෙඳ පොළට නිකුත් කරාට අපි බලාපොරොත්තු වූ තරමින්ම මේ හිඟය මග හැරගන්න ලැබුනේ නැහැ…ඒකට එක හේතුවක් තමයි විවිධ බාහිර පුද්ගලයෝ වාහන වලට අමතරව වෙනත් භාජනවලට කෑන්වලට, බූලිවලට තෙල් ලබා ගැනීමේ තත්වයක් අපි නිරීක්ෂණය කළා..ඒක බොහොම දරුණු තත්වයක් අපි නිරීක්ෂණය කළා සමහර පිරවුම් හල් ඉදිරිපිට ඒ නිසා අපි ලබා දෙන ඉන්ධන වාහනවලට නොව වෙනත් පුද්ගලයෝ ඒක ව්‍යාපාරයක් බවට පත් කරගෙන වගේ නිරීක්ෂණය වුණා..අවස්ථා දෙක තුනකදී අපි කණ්ඩායම් පරීක්ෂා කරනකොට මේ ඉන්ධන පිරවුම් හලෙන් ටිකක් දුරට ගිහිලා රුපියල් 150කට වගේ ලීටරයක් විකුණන තත්වයකුත් නිරීක්ෂණය කළා..ඉතින් ඒ නිසා තීරණයක් අපි ගත්තා ඉන්ධන පිරවුම් හල් වලට කියන්න වාහනවලට හැර වෙනත් බූලිවලට ඒ වගේ ඉන්ධන නිකුත් කිරීම කරන්න එපා…”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × four =