කොරියාවේ සෝල් නගරය, ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන නගරයක් සමග සහෝදර නගර සබඳතාවයක්

(කොළඹ, ලංකාපුවත්) –කොරියාවේ අගනගරය වන සෝල් නගරය, ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛ නගරයක් සමග සහෝදර නගර සබඳතාවයක් ඇතිකර ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව සෝල් නගරයේ නගරාධිපති Park Wonsoon මහතා පවසයි.

දිවයිනට පැමිණ සිටින සෝල් නගරයේ නගරාධිපති Park Wonsoon මහතාගේ නායකත්වයෙන් යුත් කොරියානු ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිස අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡාවට ලක්විය.

කොරියානු ශී‍්‍ර ලංකා රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතාවලට 40 වසරක් සම්පූර්ණ වන මෙම අවස්ථාව, දෙරට අතර ඉදිරි සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා සුදුසුම අවස්ථාව බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

එසේ නගර අතර සබඳතා ඇතිකර ගැනීමෙන් නාගරික සංවර්ධන කටයුතුවලදී දෙරට අතර දැනුම හුවමාරුකර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇතැයි ද ජනාධිපතිතුමා පැවසීය.

කොරියාව ශී‍්‍ර ලංකාවේ සංවර්ධනයට ලබාදෙන ආධාර පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමා කොරියානු රජය වෙත සිය ස්තූතිය පිරිනැමීය.

ශී‍්‍ර ලංකාවේ කොරියානු තානාපති Chang Won Sam මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + 1 =