ත්‍රිකුණාමලය ලන්දේසි බලකොටුවේ භූගත කාමරයක්

(කොළඹ, ලංකාපුවත්) – මධ්‍යම සංස්කෘතික අරමුදලේ ත්‍රිකුණාමලය ව්‍යාපෘතිය මගින් සිදුකරනු ලබන DC REDOUT යුද අට්ටාලයේ කැණීම් මගින් භූගත කුටියක් සොයාගෙන තිබේ.

මෙම භූගත කුටිය ඉදිකර කර ඇත්තේ විශේෂ කොටසක් ලෙස කොන්ක්‍රීට් මිශ්‍රණයක් භාවිත කරමිනි. එයට ඇතුලුවීමට ප්‍රවේශ දොරටුවක් තිබු බව වසා ඇති ආරුක්කු ඉදිකිරීම් මඟින් තහවුරු වන බව මධ්‍යම සංස්කෘතික අරමුදල සදහන් කරනු ලැබේ. දොරටුව මේ වන විට කළුගල්වලින් බැඳ වසා දමා තිබේ.

DC REDOUT යුද අට්ටාලයේ ඉදිකිරීම් ලන්දේසින් විසින් සිදුකර ඇති අතර පසුව ඉංග්‍රීසීන් විසින් ආරක්ෂක අවශ්‍යතාවයන් මත වෙනස්කම් වලට භාජනය කර ඇතැයි සදහන් වේ.

භූගත කාමරය සහ ඉංග්‍රීසින්ගේ මුල් අවධියේ ඉදි කල කාලතුවක්කු රඳවනයක් ඊට ඉහලින් වර්තමානයේ දකින්නට ලැබෙන කාලතුවක්කු රඳවනයක්ද සොයා ගෙන තිබේ. ඉංග්‍රීසින් විසින් කොන්ක්‍රීට්, ගල්, බොරළු,වැලි ආදිය යොදාගෙන මුල් ආකෘතිය වෙනස් කරමින් පසුකාලිනව ඉදිකිරීම් සිදුකර ඇත.

ඉංග්‍රීසි පාලන කාලයේ ඉදිකිරීම් අවධි දෙකකට අයත් අතර මුල් අවධියේදී ආරක්ෂක මුර කුටිය ඉදිකොට ඇත්තේ තරමක් පහතිනි. දෙවන ලෝක යුධ සමයේ එම කොටස වැලි හා පෙට්‍රල්වලින් පුරවා වසා දමා දියුණු ආයුධ සවිකොට තිබු බවත් කැණීම් කටයුතු වලින් වඩාත් තහවුරු වේ.

DC REDOUT යුද අට්ටාලයේ කැණීම මඟින් විවිධ අවස්ථාවන්හිදි බටහිර ජාතින් විසින් සිදුකර ඇති මැදිහත්වීම හා ඔවුන්ගේ යුද කටයුතු සඳහා කළ ඉදිකිරීම් පිළිබඳව සොයා බැලීම සිදුකරනු ලබයි. එහිදී එම ස්මාරකයේ ඉදිකිරීම් අවධි තුනකට අයත් බවට සාධක මතුකරගෙන තිබේ.

පෞරාණික උරුමයන් සුරක්ෂිත කර අනාගත පරපුරට ආරක්ෂා කරලීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත වැඩසටහන් රාශීයක් දීපව්‍යාප්තව ක්‍රියාත්මක වෙමින් පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *