තෙල් අර්බුදයට කඩිනම් විසඳුම් හොයන්න ජනපති නියමයෙන් කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) – පවතින ඉන්ධන අර්බුදයට කඩිනම් විසඳුම් සෙවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියමයෙන් යුතුව කැබ්නට් අතුරු කම්ටුවක් පත් කර ඇතැයි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ති‍දෙනෙකුගෙන් යුත් එම අතුරු කමිටුව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ සභාපතීත්වයෙන් යුතුව පත් කර ඇත.

ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ඉල්ලීම මත ජනාධිපතිතුමා විසින් මෙම කමිටුව පත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × two =