ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ තරුණ යුවළක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – යාපනය අරියාල, නෙඩුව්කුලම් ප්‍රදේශයේ දී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ තරුණ යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ(06) වැටලීම සිදුකර ඇත. සැකකරු සහ සැකකාරිය සතුව තිබූ ව්‍යාජ මුදල් නෝට්ටු 500කට වැඩි සංඛ්‍යාවක් ද අත්අඩංගුවට ගැනුණි. රුපියල් 5000 නෝට්ටු 400ක් සහ දහසේ නෝට්ටු 168ක් ඒ අතර වූ බවයි පොලීසිය පැවසීය.

වැඩිදුර විමර්ශනවල දී මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදා ගත් ස්කෑනර් යන්ත්‍රයක්, මුද්‍රණ යන්ත්‍ර දෙකක්, ලැප්ටොප් පරිගණකයක් ඇතුළු උපකරණ කිහිපයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 19 සහ 26 යන වයස්වල පසුවූ මෙම යුවළ යාපනය ප්‍රදේශයේම පදිංචිකරුවන් බව හෙළිව තිබේ. ඔවුන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට අද(07) ඉදිරිපත් කිරීමට නියමිතය.

යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන මේ සම්බන්ධයෙන් සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − seven =