සිම්බාබ්වේ උප ජනාධිපතිවරයා සේවයෙන් පහ කරයි

(කොළඹ, ලංකාපුවත්) – සිම්බාබ්වේ උප ජනාධිපතිවරයා සේවයෙන් පහ කර තිබෙනවා. ඊට හේතු ලෙස දක්වා ඇත්තේ, ඔහුගේ අපක්ෂපාතීත්වයයි.

හැත්තෑ පස් හැවිරිදි එමර්සන් මන්ගාග්වා උප ජනාධිපතිවරයා ඉවත් කළ බව, එරට තොරතුරු අමාත්‍යවරයා ඊයේ නිවේදනය කර ඇත. උප ජනාධිපති එමර්සන් මන්ගාග්වා ඔහුගේ වගකීම් පැහැර හැර ක්‍රියාකර ඇති බවට චෝදනා එල්ල වේ. ඔහු හිටපු බුද්ධි අංශ ප්‍රධානියා ද වේ.

උප ජනාධිපතිවරයා මීළඟ ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ද සුදුසුකම් ලැබ සිටියේය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජනාධිපති රොබට් මුගාබේට ගේ බිරිද වන ග්‍රේස් මුගාබේට එම අවස්ථාව ලබා දීමේ අරමුණින් මේ පියවර ගෙන ඇති බවය.

ඇය උප ජනාධිපති ඉවත් කරන ලෙස මීට පෙර ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද කර තිබුණි. මේ අනූව ඇය සිම්බාබ්වේ උප ජනාධිපති ලෙස පත්වනු ඇතැයි, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *