රාජ්‍ය ආයතනවලට සීමා රහිත අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දීමේ ලංකා රාජ්‍ය ජාලය ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – සියළු රාජ්‍ය ආයතන සදහා සීමා රහිත අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දීම ඇතුළු කරුණු රැසක් මුල් කර ගනිමින් ලංකා රාජ්‍ය ජාලයේ දෙවන අදියර අද (07) ආරම්භ වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එය දියත් කරනු ඇත. තොරතුරු හා ඩිජිටල් තාකෂණයේ අති නවීණ දියුණුව සහ ඒවායේ ප්‍රතිලාභ රාජ්‍ය අංශය මගින් මහජනතාව වෙත ලබා දීම මෙහි අරමුණය.

අද පෙරවරු 9.30 සිට බන්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේදී ලංකා රාජ්‍ය ජාල දෙවන අදියර දියත් කිරීමේ නිල උත්සවය පැවැත්වේ.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ ප්‍රතිපත්තිමය මග පෙන්වීමෙන් ICTA ආයතනය මගින් පසුගිය වසරේ සිට ක්‍රියාත්මක මෙම වැඩසටහන නව මුහුණුවරකින් යළි ස්ථාපනය කිරීම මේ යටතේ ක්‍රියාත්මකය. එමගින් සෑම රාජ්‍ය ආයතයක් සදහාම මෙගා බයිට් සියය දක්වා ධාරිතාවයෙන් යුත් පුළුල් පරාස දත්ත සම්බන්ධතාවයක් ලබා දීම සිදු කෙරේ.

රාජ්‍ය ආයතනවල ආයතන පරිශ්‍ර ආවරණය වන පරිදි රැහැන් රහිත පරිඝණක ජාලයක් හෙවත් වයිෆයි කලාපයක් ස්ථාපනය කිරීමද ඊට අයත්ය. එමෙන්ම සියළු රජ්‍ය ආයතන සදහා සීමා රහිත අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා ධීමද මෙහි තවත් එක් සුවිශේෂී ක්‍රියාවලියකි.

විද්‍යුත් තැපෑල, ලිපි ගොනු කලමනාකරණ පද්ධති, ඊ රාජ්‍ය සේවාවන් ලබා දීමට සහ පරිශීලනය කිරීමට අවශ්‍ය පරිසරය ආරක්ෂාකාරීව හා විශ්වසනීයව තනා දීමද මේ යටතේ සිදු කෙරේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නවේදන තාක්ෂණ නියෝජිත ආයතනයක් විසින් ක්‍රියාකත්මක ව්‍යාපෘතියේ ප්‍රධාන සේවා සපයන්නා ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කටයුතු කරනු ලැබේ.

ව්‍යාපෘතියේ පළමු අදියර තුළ රාජ්‍ය ආයතන අටසිය හැටකට අධිවේගී ජාල සම්බන්ධතා ලබා දෙන අතර ඉදිරියේදී ආයතන 3,500ක් දක්වා පුළුල් කිරීමට නියමිතය. එම රාජ්‍ය ආයතන සදහා සම්බන්ධතාව ලබා දීම දියත් කිරීමේ නිල උත්සවය ඒ අනුව අද උදෑසන 9.30ට බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කෙරේ.

ඩිජිටල් ශ්‍රී ලංකාවක් තුළ ජනතා අපේක්ෂා ඉටු වන වඩාත් ඵලදායී සහ වේගවත් රාජ්‍ය සේවා සම්පාදනයක් උදෙසා මෙම නව්‍ය සත්කාරය මග පාදනු ඇති බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය අපේක්ෂා කරනු ලැබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *