පිටරට ටෙලිනාට්‍ය,චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා බදු ඉහළ දැමේ

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවට පිටරටින් ආනයනය කර හඬකවා දේශීය වශයෙන් ප්‍රදර්ශනය කරන ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා අයකරනු ලබන බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩිකර තිබේ.

චිත්‍රපට හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට අදාළ සංවිධාන හා නිර්මාණකරුවන් විසින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත කරන ලද ඉල්ලීමට අනුව දැනට අයකරනු ලබන ගාස්තුව වැඩිකර ඇත.

ඒ අනුව, විනාඩි 30 ක් හෝ ඊට අඩු කාලපරිච්ඡේදයක සිංහල හෝ දෙමළ භාෂාවෙන් හඬකවන ලද උපරිමය කොටස් 4 ක ටෙලිනාට්‍යයක් හෝ චිත්‍රපටයක් සඳහා දිනකට පළමු විකාශන කාලපරිච්ඡේද වලට දැනට අයකරනු ලබන අවම ගාස්තුව රු. 90,000 ක මුදල රු. 150,000 දක්වා වැඩිකර තිබේ.

මෙරට විකාශය කරනු ලබන ඇතැම් විදේශ ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් ශ්‍රී ලාංකීය සම්ප්‍රදාය, අනන්‍යතාවය හා ආචාර ධර්ම වලට පටහැනි වන අවස්ථා නිරීක්ෂණය වන බැවින් ශ්‍රී ලංකාවේ සංස්කෘතියට මෙන්ම කලා ක්ෂේත්‍රයටද සිදුවන්නා වූ හානි අවම කිරීමට පියවර ගන්නැයි කලා ක්ෂේත්‍රයේ පුද්ගලයන් විසින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ඉල්ලා ඇත.ඒ අනුව, ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා දැනට ගාස්තු අයකිරීම සඳහා වලංගු 2006 අංක 11 දරණ මුදල් පනත යටතේ මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදන තුන අවලංගු කර ඇති අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නව ගාස්තු අඩංගු ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.
කෙසේවුවද සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවන්ගෙන් නිෂ්පාදනය කරනු ලබන ටෙලිනාට්‍ය, චිත්‍රපට වල මුල් පිටපත් හඬ කවා නොමැති නම් ඒවා මෙම නව ගාස්තු අයකිරීමෙන් නිදහස් කෙරේ.
එම නව ගැසට් නිවේදනය අනුව සිංහල හෝ දෙමළ භාෂාවෙන් හඬකවන ලද ටෙලිනාට්‍ය, චිත්‍රපට හෝ වාණිජ වැඩසටහන් සඳහා අයකරනු ලබන මුදල පහත පරිදි වේ.

ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සම්බන්ධයෙන් ගෙවිය යුතු බදු අනුප්‍රමාණයන්

වර්ගය                                                            විකාශිත කාලය                                                                                අනුප්‍රමාණය (රු.)

සිංහල හෝ දෙමළ
භාෂාවෙන් හඬ කවන
ලද ටෙලිනාට්‍ය හෝ
චිත්‍රපට

(අ) පළමු විකාශය, සෑම විනාඩි 30 ක් හෝ ඊට අඩු කාල පරිච්ඡේදයක් සඳහා
(ඊ දිනකට පළමු විකාශන කාල පරිච්ඡේද 04 සඳහා 150,000
(ඊ) එක් දිනකට එම පළමු විකාශන කාල පරිච්ඡේද 04 න්
පසු එළඹෙන විකාශන කාල පරිච්ඡේද 04 සඳහා250,000
(ඊ) එක් දිනකට අනෙකුත් විකාශන කාල පරිච්ඡේද සඳහා 350,000
(ආ) නැවත විකාශය, සෑම විනාඩි 30 ක් හෝ ඊට අඩු කාල පරිච්ඡේදයක් සඳහා
(ඊ දිනකට පළමු විකාශන කාල පරිච්ඡේද 04 සඳහා 50,000
(ඊ) එක් දිනකට එම පළමු විකාශන කාල පරිච්ඡේද 04 න්
පසු එළඹෙන විකාශන කාල පරිච්ඡේද 04 සඳහා 80,000
(ඊ) එක් දිනකට අනෙකුත් විකාශන කාල පරිච්ඡේද සඳහා 120,000

වෙනත් ටෙලිනාට්‍ය
(පළමු විකාශය හෝ
නැවත විකාශය)

සෑම විනාඩි 30 ක් හෝ ඊට අඩු කාල පරිච්ඡේදයක් සඳහා 100,000
වෙනත් චිත්‍රපට (අ) පළමු විකාශය 200,000
(ආ) නැවත විකාශය 100,000

වර්ගය විකාශිත කාලය අනුප්‍රමාණය

(රු.)
වාණිජ වැඩසටහන් යම් බලපත්‍රලාභී ආයතනයක් විසින් නිෂ්කාශන සහතිකයේ
සඳහන් දින සිට යම් වාර ගණනක් විකාශය කිරීම සඳහා
(ඊ නිෂ්කාශන සහතිකයේ සඳහන් දින සිට දින 183 ක කාල
පරිච්ඡේදයක් සඳහා. 500,000
(ඊ) නිෂ්කාශන සහතිකයේ සඳහන් දින සිට දින 365 ක කාල
පරිච්ඡේදයක් සඳහා 1,000,000

Leave a Reply

Your email address will not be published. Required fields are marked *