බිරිඳ තරබාරු නම් සැමියාට දියවැඩියාව – අලුත්ම සමීක්‍ෂණයකින් හෙළි වේ

(කොළඹ, ලංකාපුවත්) –බිරිඳ තරබාරු නම් ඇයගේ සැමියා දියවැඩියා රෝගයට ගොදුරු වීමේ අවදානම වැඩි බව නවතම වෛද්‍ය සමීක්‍ෂණ, අනුව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා දියවැඩියා පදනමේ සභාපති අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා පැවසීය.

එබැවින් දියවැඩියා රෝගය පාලනයට කාන්තාව සතු වගකීම ඉතා ඉහළ බවත් මෙවර ලෝක දියවැඩියා දිනයේ තේමාව වී ඇත්තේ ද “දියවැඩියාව, කාන්තාව සහ නිරෝගී අනාගතයක අයිතිවාසිකම්” බවත් හෙතෙම සඳහන් කළේය.

ඔහු මේ බැව් සඳහන් කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ (07 ) පැවැති මාධ්‍ය හමුවකදීය.

ශ්‍රී ලංකාවේ ගැබිනි කාන්තාවන්ගෙන් සියයට 10 ක්‌ දියවැඩියා රෝගයෙන් පෙළෙන බවත් සියයට 15 ක්‌ දියවැඩියා රෝගයට ගොදුරුවීමේ ආසන්න මට්‌ටමේ සිටින බවත් සමීක්‍ෂණ අනුව හෙළිවී ඇතැයිද විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 4 =