හෙට සිට කොළඹ ඉන්ධන ගැටළුව අවසන් – ඇමති රාජිත

(කොළඹ, ලංකාපුවත්) –හෙට(09) දිනය තුළ දී කොළඹ ප්‍රදේශයේ පෙට්‍රල් හිඟය සම්පූර්ණයෙන්ම විසඳීමට හැකි බව, කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා සදහන් කළේය.

දැනට උද්ගතව ඇති පෙට්‍රල් හිඟය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ දී ද දීර්ඝ වශයෙන් සාකච්ජාවට භාජනය වූ බව ද ඔහු පැවසීය.

ඛනිජ තෙල් සංස්ථාව විසින් ආනයනය කර ඇති ඉන්ධන නැව අද(08) පස්වරු වන විට කොළඹ වරායට පැමිණීමට නියමිතය. ඒ අනූව ඉන්ධන සැපයීම යථාතත්වයට පත්වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 + 13 =