‘# 2030 දී අපි’ යොවුන් සංවාද සහ සංවර්ධන වැඩසටහන ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – ‘# 2030 දී අපි’ යොවුන් සංවාද සහ සංවර්ධන වැඩසටහන දිවයින පුරා 350කට අධික යෞවන යෞවනියන්ගේ සහභාගීත්වයෙන් ඊයේ(07) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ විය.

මෙම දෙදින සංවාදය සන්නිවේදන හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය, ජාතික යොවුන් සේවා සභාව, තොරතුරු හා සන්නිවේදන ආයතකය සහ යුනිලිවර් ආයතකය එක්ව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි අනුග්‍රහයෙන් පැවැත්වේ.

මෙහිදී යෞවනයින් එක්කර ගනිමින් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය, නවෝත්පාදනය සහ නායකත්වය පිළිබඳ සංවාදයක් ඇතිකරුන ලැබේ. එමගින් සැමට එක්වී 2030 වනවිට අපට අවශ්‍ය අනාගතය සපුරා ගැනීමට හැකිවනු ඇත.

ආරම්භක සැසිය අමතමින් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා කියා සිටියේ තරුණ සංවර්ධන කටයුතු කඩිනම් කිරීමෙන් අප හට ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය තුළ තාරුණ්‍යය ඉදිරියට ගෙන ඒමට හැකි බවය. එමගින් තාරුණ්‍යය කේන්ද්‍ර කරගත් සංවර්ධන සැලසුම් ඇති කිරීමේ දැක්ම සාක්‍ෂාත් කර ගැනීමට හැකි බවට අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

මෙම සංවාදය මගින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 15ක් පුරා සමාජ පරිවර්ථනයේ ගාමක බලවේගයක් ලෙස යොවුන් ව්‍යවසායකත්වයේ කාර්යභාරය ප්‍රවර්ධනය කරනු ඇත.

මෙම සැසියේ දී යෞවනය හා නවෝත්පාදනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කටයුතු පිළිබඳ අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා දේශීය අධ්‍යක්‍ෂ ජෝන් සොරෙන්සන් මහතා පවසන ලද්දේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ලෙස අිප යෞවනයින් බල ගැන්වීමේ කාර්යයට කැපවී සිටින බවය. පසුගිය වසර ගණනාවක් තුළම අපගේ යොවුන් පරපුර බලගැන්වීමේ ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස අපි කටයුතු කළ බවද හෙතෙම අවධාරණය කරනු ලැබීය.

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 1 =