ඇප නැතුව ණය ගන්න අලුත් බැංකුවක්

(කොළඹ, ලංකාපුවත්) – පෙර රජදරුවන් සමයේ පැවැතියාක් මෙන් ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්ව පරාදීසයක් නැවතත් ගොඩ නැගීම අරමුණ බව මුදල්අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

රටේ ආර්ථිකය දියුණු කිරීමට පෞද්ගලික අංශයේ සහය පමණක් ප්‍රමාණවත් නොවන නිසා සෑම ශ්‍රී ලාංකිකයෙක්ම එන්ටප්‍රයිස් ශ්‍රී ලාකාවේ පාර්ශ්ව කරුවකු කර ගැනීම සඳහා අවස්ථාව සලසා දෙමින් අලුත් ව්‍යාපාරිකයන් නිර්මාණය කරන බව හෙතෙම සදහන් කෙළ්ය.

ඒ අනුව ආර්ථිකයේ කොදු නාරටිය විය යුත්තේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් බව මුදල් ඇමතිවරයා පැවසීය.

ප්‍රාග්ධනය සපයා ගැනීමට ඇති අවහිරතා නිසා මෙවැනි ව්‍යාපාරිකයන් අධ්‍යර්‍යමත් වන අතර රජයේ අභිප්‍රාය වන්නේ ඇප තැබීම ට නොහැකි වීම හේතුවෙන් කිසිදු ව්‍යාපාරිකයකුට ණය ලබා ගැනීමට නොහැකි වීම නතර කිරීමයි.

මේ සඳහා ආනයන අපනයන අංශ සහිත අලුත් සංවර්ධන බැංකුවක් ආරම්භ කරන බව මුදල් ඇමතිවරයා පැවසීය. එයින් පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ට දිගුකාලීන ණය සැපයනු ඇත. මෙම බැංකුව 2018 ඇරඹීම සඳහා රු. මිලියන 10,000ක් අය වැයෙන් වෙන් කරන බවද මුදල් ඇමති පැවසීය.

මෙම බැංකුව මගින් ලබාදෙන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය සඳහා රජය රු. මිලියන 750ක් වෙන් කළ බවද හෙතෙම පැවසීය.

 

කාන්තාවන් හා විශේෂිත පුද්ගලයන්ට ණය දීමේදී විශේෂ පොලී සහන

(කොළඹ, ලංකාපුවත්) – කාන්තාවන් හා විශේෂිත පුද්ගලයන් ව්‍යවසායකයින් කිරීම සඳහා දිරිමත් කිරීම සඳහා බදු සහන ලබා දී ඇත.

මේ අනුව කාන්තාවන් සඳහා ණය සැපයීමේදී පවතින පොලී අනුපාතයට වඩා සියයට 10ක් අඩු කිරීමටත් විශේෂිත පුද්ගලයින් සඳහා ව්‍යාපාරික ණය සැපයීමේදී සියයට 15කත් පොලී සහන ලබා දීමටත් මුදල් ඇමතිවරයා කටයුතු කර ඇති බව පැවසීය.

 

මිල අඩු කළ අත්‍යවශ්‍ය භාණ්ඩ අඩු මිලට ලබා නොදුන්නොත් දැඩි පියවර

(කොළඹ, ලංකාපුවත්) – මිල අඩු කළ අත්‍යවශ්‍ය භාණ්ඩ එම මිල ගණන්වලට පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු කරන ලෙස ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් එසේ නොකළහොත් ඒ පිළිබඳව දැඩි පියවර ගන්නා බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (09) අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසීය.

“වරින් වර තත්වයන්ට ජනතාවට මුහුණු දීමට සිදුවන අපහසුතවයන්ට ක්ෂණික සහන සළසන්න සිදුවෙනවා. ඒ නිසා ඊයේ අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක භාණ්ඩ අඩු කළා. මිල ගණන් අනුව ජනතවට භාණ්ඩ ලබාදෙන්න කටයුතු කරන්න. එසේ නොකොළොත් දැඩි පියවර ගන්න කබිනට් මණ්ඩලයේ දී තින්දු කළා. පොදු ස්ථානවල සාධරණ වෙලඳසැල් පෞද්ගලික අංශයේ මූලිකත්වයෙන් පිහිටුවනවා. පරිභෝගික අධිකරිය පනත හා එම අධිකාරිය ශක්තිමත් කිරීමට කටයුතු කරනවා.”

 

නව මධ්‍යසාර බදු ක්‍රමයක්

(කොළඹ, ලංකාපුවත්) – මධ්‍යසාර මට්ටම අනුව සැකසුනු නව මධ්‍යසාර බදු ක්‍රමයක් හඳුන්වා දෙන අතර, මත්පැන් මත ජාතිය ගොඩනැගීමේ බද්ද 2018 අප්‍රේල් පළමුවනදා සිට පැනවීමට පියවර ගෙන තිෙබ්.

බීම වර්ගවල අඩංගු සීනි ග්‍රෑම් 1ක් සඳහා ශත 50 නව බද්දක් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා පැවසීය.

 

ජාත්‍යන්තර සෞන්දර්ය කලා රංග ආයතනයක්

(කොළඹ, ලංකාපුවත්) – බෞද්ධ පුස්තකාලයක් ආරම්භ කිරීමට මිලියන 50ක් වෙන් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

“අප සතුව පොහොසත් ජාතික උරුමයක් ඇත. ආගමික ස්ථාන පුරාවිද්යා ස්ථාන විධිමත් ලෙස ආරක්ෂා කිරීම හා සංරකෂණයට කටයුතු කරනවා. කොළඹ පුස්තකාලයේ සහාය ඇතිව බෞද්ධ පුස්තකාලයක් ආරම්භ කිරීමට මිලියන 50ක් වෙන් කරනවා. හින්දු, ක්‍රිස්තියානි ආගමික ස්ථාන නවීකරණයට මිලියන 250ක් වෙන්කරනවා. ජාත්‍යන්තර සෞන්දර්ය කලා රංග ආයතනයක් මොරටුවේ පිහිටුවනවා.”

 

ගංවතුරින් හානී වූ මාර්ග නවීකරණයට පියවර

(කොළඹ, ලංකාපුවත්) – ගංවතුරෙන් විනාශ වූ මර්ග නවීකරණයට පියවර ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (09) අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසීය.

ඒ සඳහා රුපියල් මිලියන 4000ක් වෙන් කරන බවද අමාත්‍යවරයා කීය.

 

විශ්වවිද්‍යාල සිසුන්ට නව රක්ෂණ ක්‍රමයක්

(කොළඹ, ලංකාපුවත්) – විශ්වවිද්‍යාල සිසුන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වදෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසී ය.

“සිසුන් සඳහා ලබාදෙන විද්‍යාපීඨ දීමනාව රුපියල් 3500 සිට 5000 දක්ව වැඩි කිරීමට පියවර ගන්නවා. මිලියන 1250ක් වෛද්‍ය පීඨ සංවර්ධනය සඳහා වෙන් කරනවා. මොරටුව, වයඹ සහ සබරගමුව නව වෛධ්‍යපීඨ සකස් කරනවා.යපනය විශ්වවිද්‍යාලයේ වව්නිය මණ්ඩපය ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 200ක් වෙන් කරනවා. පසුගිය වසරේ පාසල් සිසුන්ට රක්ෂණය ලබාදුන් ආකාරයට විශ්වවිද්‍යාල සිසුන්ට රක්ෂන ක්‍රමයක් හඳුන්ව දෙනවා.”

 

කාලගුණය මත වූ කෘෂි රක්ෂණ යෝජනා ක්‍රමයක්

(කොළඹ, ලංකාපුවත්) – 2018 දී රජය විසින් රු. මිලියන 3000ක් ආයෝජනය කරමින් කාලගුණය මත පදනම් වූ කෘෂි රක්ෂණ යෝජනා ක්‍රමයක් සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

ෙමම රක්ෂණය මගින් වී, බඩ ඉරිගු සෝයා, ලොකු ලූනු, අල, මිරිස් වැනි බෝග වර්ග 5 ඇතුළත් වන පරිදි බෝග වර්ග 6ක් ආවරණය කර ඇත.

මේ මගින් අක්කරයකට රු. 40,000ක ආවරණයක් ලබා දීමට කට යුතු කරන අතර, ගොවියා හා රජය යන අංශ දෙකේම දායකත්වයෙන් මෙම රක්ෂණය සැක සෙන බවද මුදල් ඇමතිවරයා කීය.

 

රැකියා වෙළඳපොළ ඉලක්ක කරමින් තරුණ තරුණියන්ට පුහුණු වැඩසටහන්

(කොළඹ, ලංකාපුවත්) – අනතර්ජාතික ශිෂ්‍ය ඇගයීම් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (09) අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසීය.

“වසර 13 අධ්‍යාපනය ලබාදීම තනවුරු කිරීමට, ජාත්‍යන්තර තලයේ විශ්වවිද්‍යාල ඇති කරන්න ඕන. වෙලඳ පොළට වෘත්තීය පුහුණුවක් ලබාදෙන්න ඕන. උසස් පාඨමාලාවන් සකස් කළ යුතුයි. තරුණ කණ්ඩායම්වලින් පෞද්ගලික අංශයට අවශ්‍ය මාස තුනක පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. යැපුම් දීමනාවක් මසකට ලබාදීමට පියවර ගනු ඇත. මීළඟ වර්ෂ 3 තුළ තාක්ෂණික උසස් පාසල් 05ක් ස්ථාපිත කරන්න කටයුතු කරනවා. සිවිල්, සංචාරක, හෝටල් දැනුම ලබදීමට මෙම පාසල් මඟින් ලබාදීමට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ස්මාර්ට් පන්ති කාමර සංකල්පය තවදුරටත් ශක්තිමත් කරනවා.”

 

සංචාරයන්ට හිතැති ටුක් ටුක් සංකල්පය හඳුන්වාදීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – ‍සංචාරයන්ට හිතැති ටුක් ටුක් සංකල්පය හඳුන්වාදීමේ වැඩසටහනක් ආරම්භ කරන බවත් ත්‍රි රෝද රථ නියාමන අධිකාරියක් ස්ථාපිත කරන බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (09) අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසීය.

ආකර්ෂණීය සංචාරක ස්ථාන කීපයක් වැඩි කිරීමට අපේක්ෂා කෙරේ. නානු ඔය, දුම්රිය මාර්ගය සංචාරකයන්ට හොඳ ප්‍රවාහන මාර්ගයක්. කොග්ගල අභ‍යන්තර ගුවන්තොටුපල සංවර්ධනය කරනවා. මාදුරු ඔය, ගල් ඔය උද්‍යාන වැඩි දියුණු කරනු ඇත. සංචාරකයන්ගේ ආරක්ෂව සඳහා සංචරක පොලිස් ස්ථාන විස්සක් ස්ථාපිත කිරීමට පියවර ගැනෙණු ඇත.

“ත්‍රී රොද රථ සංචාරකයන්ට ආකර්ෂණය වී තිබෙනවා. ත්‍රී රෝද රථ ව්‍යවසාකයන් බිහි කිරීමට බලාපොරොත්තු වෙනවා. සංචාරයන්ට හිතැති ටුක් ටුක් සංකල්පය හඳුන්වාදීමේ වැඩසටහනක් ආරම්භ කරනවා. ඔවුන් සංචාරක මඟ පෙන්වන්නන් ලෙස පුහුණු කරනවා. ත්‍රි රෝද රථ නියාමන අධිකාරියක් ස්ථාපිත කරනවා. මීටර් අනිවාර්යය කරන රෙගුලාසි ක්‍රියාත්මක කරනවා.”

 

පොලිතින් හා ප්ලාස්ටික් අමු ද්‍රව්‍ය බදු ඉහළට- දිරාපත් වන ඇසුරුම් නිෂ්පාදන බදු ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – පොලිතින් හා ප්ලාස්ටික් නිෂ්පාදනය අධර්‍යමත් කිරීම සඳහා ප්ලාස්ටික් අමු ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකකට රු.10ක නිෂ්පාදන බද්දක් පනවා ඇත.

කෙසෙල් පට්ටා, තාල වරගයේ පත්‍ර, කොහු, උන බම්බු වැනි දිරා පත් වන අමු ද්‍රව්‍ය භාවිත කරමින් මලු සහ ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා වන පරිසර හිත කාමී විකල්ප වලට පරිවර්ථනය කිරීම සඳහා පෞද්ගලික අංශය දිරිමත් කිරිමට රුපියල් මිලියන 75ක් වෙන් කරයි.

දිරා පත් වන ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන සියලුම යන්ත්‍ර සූත්‍ර හා අමුද්‍රව්‍ය හා අතර මැදි භාණ්ඩ සඳහා වන තීරු බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත.

 

පළමු වරට කාබන් බද්දක්

(කොළඹ, ලංකාපුවත්) – මොටර් බයිසිකල් කර් හා මගී බස්රථ සඳහා කාබන් බද්දක් හඳුන්වා දෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය

මේ අනුව අවුරුදු 5කට අඩු මොටර් බයිසිකලයක් සඳහා දිනකට ශත 17ක බද්දකුත් මොටර් කාර් රථයකට දිනකට රු.1.78කුත් බස් රථයක් සඳහා දිනකට රු. 2.74ක් ද පැනවීමට තීරණය කර ඇත.

මේ මගින් එකතු වන අරමුදල් පරිසරය ආරක්ෂා කිරීමට යොදවන බව මුදල් ඇමතිවරයා සදහන් කරන ලදි.

 

ව්‍යවසයකත්ව පරාදීසයක් රට තුළ ගොඩනැගීමට බලාපොරොත්තු වෙනවා

(කොළඹ, ලංකාපුවත්) –ව්‍යවසයකත්ව පරාදීසයක් රට තුළ ගොඩනැගීමට බලාපොරොත්තුවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (09) අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසී ය.

“අලුත් ව්‍යාපාරිකයන් නිර්මාණය කළ යුතුයි. සෑම ශ්‍රී ලාංකිකයකුටම අවස්ථාව ලබදිය යුතුයි. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනින් පහසුකම් සෑලසෙනවා. අවධානම් දරන ව්‍යවසායකයන්ද රැකබල ගත යුතුයි.රටක ජනතාවට ආඩම්බර විය හැකි ගමනක් වෙනුවෙන් ජනතාවට උදව් කළ යුතුයි.

ආනයන අපනයන සහිත සංවර්ධන බැංකුවක් ස්ථාපිත කරනවා. මිලියන 10,000ක් මේ සඳහා යොදවනවා. 2018 ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා”

 

ගොවීන් වෙනුවෙන් නව රක්ෂණයක් – රජයේ මිලියන 3000ක්

(කොළඹ, ලංකාපුවත්) – කාලගුණය පදනම් කරගනිමින් ගොවීන් සඳහා නව දායකත්ව රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට කටයුතු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (09) අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසී ය.

සෑම අවස්ථාවකදීම මුහුණ දීමට සිදු වූ නියඟ හා ගංවතුර හේතු නිසා කිසිදු අසාධර්ණයක් නොවන ලෙස ලබාදුන්නා. කාලගුණ සාධකය මත පදනම් වූ රක්ෂණ ක්‍රමයක් හදුන්වදීමට කටයුතු කරනවා. මෙම දායකත්ව රක්ෂණය සැකසෙනවා. මේ සඳහා රජයෙන් රුපියල් මිලියන 3000ක් වෙන් කරනවා .ගොවීන්ට වැදගත් යෝජනාවක් බව අමාත්‍යවරයා සදහන් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *