නෙවෙස්කා ලේඩි නෞකාවේ පෙට්‍රල් සාම්පල පරීක්ෂාව ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගෙන දිවයිනට පැමිණි නෙවෙස්කා ලේඩි නෞකාවේ පෙට්‍රල් පිළිබඳ තත්ත්ව වාර්තාව නිකුත් කිරීමට තව හෝරාවක් පමණ ගතවනු ඇති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා කියා සිටියේ තෙල් රැගත් නෞකාව මේ වන විට ජැටියට ළගා වී ඇති හෙයින් මූලික කටයුතු අවසන් වූ වහාම ඉතා කඩිනමින් තෙල් පොම්ප කිරීමේ කටයුතු ආරම්භ කරන බවය. තෙල් නෞකාව මේ වන විට ළගා වී ඇති නිසා කිසිදු බාධාවකින් තොරව පවතින තෙල් සංචිත බෙදා හැරීමේ කටයුතු අඛන්ඩව සිදුකරන බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

උපාලි මාරසිංහ මහතා තවදුරටත් මෙලෙස පැහැදිලි කරනු ලැබීය.

“පෙට්ට්‍රල් රැගත් නෞකාව ඊයේ රාත්‍රී 11.30ට ශ්‍රී ලංකාවට ලඟා වුණ.. අපි ඊයේ රෑම සාම්පල් අරගෙන ඉවරවෙලා… පරීක්ෂණ වාර්තා ලබාගනිමින් පවතිනවා… තව බොහෝම කෙටි කාලයකින් නිල පරීක්ණ වාර්තාව ලැබේවී… දැනට ලැබෙන නොනිල වාර්තා අනුව මේ තෙල් සාම්පලය පිළිබඳ ගැටළුවක් වෙලා නෑ.. ඒ නිසා අපට පුළුවන් වෙයි ඉක්මණින්ම ගොඩ බෑමේ කටයුතු කරන්න.. නමුත් නිල වාර්තාව එනතුරු ගොඩ බෑමේ කටයුතු ආරම්භ කරන්න බැහැ.. නමුත් නැව දැනට ගෙනල්ලා… ඒ ජැටියට සම්බන්ධ කරලා.. අපේ පොම්ප පවා සම්බන්ධ කරලා අවසානයි… නිල වාර්තාව ලැබුණු වහාම ගොඩ බෑමේ කටයුතු ආරම්භ කරන්න… ඊළඟට එම නැවේ තෙල් බෙදාහැරීම හවස 2ක 2.30 වගේ වෙනකොට අපට පුළුවන් වෙයි ආරම්භ කරන්න….හැබැයි අපි ගාව තියෙන ස්ටොක්ස් තොගය.. දැනට තියෙන තොගය.. උදේ ඉඳලාම සාමාන්‍ය පරිදි බෙදා හැරීමේ කටයුතු කරගෙන යනවා… මේ දෙකම එකතු වෙනකොට.. හෙට උදේ වෙනකොට.. බොහෝ ප්‍රදේශවල තිබුණු ඉන්ධන හිඟය මඟහැරෙන්න ඕනේ…”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *