සාලමුල්ල “ලක්සද සෙවණ” නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) – අඩු ආදායම්ලාභී පවුල් සදහා ඉදිකෙරුණු කොළොන්නාව, සාලමුල්ල ,”ලක්සද සෙවණ” නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර ඊයේ (08) පස්වරුවේ ජනතා අයිතියට පවරා දීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

නිදන කාමර දෙකකින් සහ සියලු පහසුකම්වලින් සමන්විත මෙම නිවාස ඒකකයක ඉදිකිරීම් හා සේවා සැපයීම් වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 04 කි. මහල් 12 කින් සමන්විත නිවාස සංකීර්ණය සදහා වැයකර ඇති මුළු පිරිවැය රුපියල් ලක්ෂ 15,840 ක් වේ.

සමරු ඵලකය නිරාවරණය කර නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. නිවාසලාභීන් 11 දෙනෙකු වෙත නිවාසවලට අදාළ යතුරු භාරදීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

අමාත්‍ය පාඨලී චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × two =