ඊශ්‍රායලය සමග රහස් සාකච්ජා පැවැත්වූ ඇමතිනිය අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් රාජධානියේ අමාත්‍යවරියක් ඉල්ලා අස්වී තිබේ. ඒ, ඇය ඊශ්‍රායලය සමග රහසිගත සාකච්ජා පැවැත්වූ බවට අනාවරණය වීමෙන් පසුවය.

45 හැවිරිදි ප්‍රීති පටෙල්, බ්‍රිතාන්‍යයේ පාලක කොන්ස්වේටිව් පක්ෂයේ අමාත්‍යවරියකි. අන්තර්ජාතික සබඳතා පිළිබඳව ඉල්කම් ධූරය දැරුවේ ද ඇයයි. ඒ අනූව සංවර්ධනය වෙමින් පවතින රටවලට සහනදීම සම්බන්ධයෙන් වගකිව යුතු ධුරයක ඇය කටයුතු කර තිබේ.

පසුගිය අගෝස්තු මාසයේ දී සිය පවුලේ සාමාජිකයින් සමග පෞද්ගලික නිවාඩුවක් සඳහා ඊශ්‍රායලයට පැමිණි ප්‍රීති පටෙල් එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සමග සාකච්ජා පැවැත්වූ බවට අනාවරණය වී තිබේ.

මේ චාරිකාවෙන් පසුව ඇය බ්‍රිතාන්‍යයට යෝජනා කර ඇත්තේ, බ්‍රිතාන්‍යයේ ආධාරවලින් කොටසක් ගෝලාන් කඳුකර ප්‍රදේශයේ මානුෂීය මෙහෙයුම්වල නිරතව සිටින ඊශ්‍රායල හමුදාවට ලබාදිය යුතු බවය. එහෙත් බ්‍රිතාන්‍යයේ බලධාරීන් එම යෝජනාව නොසළකා හැර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *