රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) –රාජ්‍ය ආයතන 831ක් ඇතුළත් රජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති,ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් අදාළ වාර්තාව සභාව වෙත ඉදිරිපත් කෙරිණි.

සියලු ආයතන සම්බන්ධව සියලු වාර්තා ඉදිරිපත් කළා. වාර්තා 31ක් ඉදිරිපත් කර තිබුණා. ආයතන 410යි කැඳවා තිබුණේ. 831ක් කැඳවීමේ අවශ්‍යතවය තිබුණා. අනාගතයේ දී මේ කාරක සභාවේ වගකිම පිළිබඳව සෑහීමකට පත් වුණේ නෑ. මේ පාර්ලිමේන්තුවට හිමිව තිබූ වගකීම මෙම ක්‍රියාවලිය ඉටු කළේ නැත්නම් නිසි පරිදි ඉටු වෙනවා ද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. මේ අරමුණ වෙනුවෙන් තොරතුරු තාක්ෂණ අංශයේ දායකත්වය අරගෙන තොරතුරු පද්ධතියක් හරහා ගෙන්වාගෙන විගණාකාධිපති සෘජු නිරීක්ෂණයෙන් එම වාර්තාව මෙලෙස ඉදිරිපත් කර තිබෙන්නේ. මෙය ආරම්භයක් පමණයි. ඉදිරියේ දී දැනට මීට වඩා වැඩි නිරීක්ෂණයක් කරන්න බලාපොරොත්තු වෙනවා යැයි ද වාර්තාව ඉදිරිපත් කරමින් පැවසීය.

අතිගරු ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආයතන ඇගයීමේ වැඩසටහනක් අද දින පැවැත්වීමට නියමිත බවද අමාත්‍යවරය පැවසී ය.

”පර්ලිමේන්තුවේ තොරතුරු තාක්ෂණ පද්ධතිය සමඟ සම්බන්ධ කිරීම තුළින් මෙම වැඩපිළිවෙල සාර්ථක වුණා. එමඟින් එකවර කිසිදු කොළයක් වැය නොකර ආයතන 831ක තොරතුරු ලබාගැනීමට හැකි වුණා. ආයතන 831ක් එකවර ඉදිරිපත් කෙරෙන්නේ ප්‍රථමවරටය.

මෙම ක්‍රියාවලිය තුළින් ආයතනවල අඩුපාඩුකම් අවම කරගන්න හැකියාව ඇතිවේ යැයි අප විශ්වාස කරන බව ද දැන් සෑම රාජ්‍ය ආයතනයක් ම සෘජු ලෙස පාර්ලිමේන්තුවට තොරතුරු තාක්ෂණය මඟින් සම්බන්ධ වී තිබෙන බවද නවීන තාක්ෂණය තුළින් උපරිම ප්‍රයෝජනය ලබාගැනීමයි අරමුණ ” බවද අමාත්‍යවරයා පසුගිය දා පැවැති මාධ්‍ය හමුවේ දී සඳහන් කළේ ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *