ඉරාන – ඉරාක දේශසීමා කලාපයේ භු කම්පනයක් – 130ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ඉරානය සහ ඉරාකය අතර උතුරුදිග දේශසීමා කලාපයේ හටගත් භු කම්පනයක් හේතුවෙන් පුද්ගලයින් 130 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

භු කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණ 7.3කි. එහි ගැඹුර කිලෝමිටර් 33.9කි.

ඉන් බටහිර ඉරානයේ පුද්ගලයින් 130 දෙනෙකු ජීවිතක්ෂයට පත් වු බවයි එරට ආරංචි මාර්ග සඳහන් කරනු ලැබේ.

ඉරාකයෙන්ද පුද්ගල මරණ හතරක් වාර්තා වී තිබේ.

භු කම්පනයත් සමග නොසන්සුන්තාවයට පත් වු ජනතාව තම නිවෙස් වලින් ඉවත්ව ඇතැයි සදහන් ය. සහන සේවා කණ්ඩායම් අදාල ප්‍රදේශ වලට පිටත් කර ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරනු ලැබේ.

මෙම භු කම්පනය තුර්කිය සහ ඊශ්‍රායලයට ද දැනි ඇති බව සඳහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *