අවුකන පිළිමයට අකුණු අනතුරු නැහැ – පුරා විද්‍යා සහතිකයක්

(කොළඹ, ලංකාපුවත්) –ඓතිහාසික අවුකන පිළිම වහන්සේට ආරක්ෂාවට ඉදිකර ඇති ආවරණ වහලයෙන් අකුණු අනතුරු සිදුනොවන බව විදුලි ඉංජිනේරුවරුන් තහවුරු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මෙම වහලය තාක්ෂණය අනුව ඉදිකර ඇති බවත් එමගින් අකුණු භුගත කරන බව එම විශේෂඥයින් විසින් පවසා ඇති බව ඔවුන් පෙන්වා දී ඇත.

ආවරණ වහලයෙන් පිළිම වහන්සේට අකුණු අනතුරු ඇති වන බව විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් මාධ්‍යයට කරුණු වාර්තා කොට තිබූණි.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ පිළිබඳ වහා සොයා බලන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන් බවය. එමෙන්ම පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරායා මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකර ඇති අතර එයින් තහවුරු කර ඇත්තේ අවුකන පිළිමයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවය

මේ සම්බන්ධයෙන් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ජී.බී.මණ්ඩාවල විසින් අධ්‍යාපන අමාත්‍යවරයාට යොමු කළ ලිපියේ උපුටනය –

“මෙම ආවරණ වහලය 2013, 2014, 2015 යන කාලය තුළ භාණ්ඩාගාර ප්‍රතිපාදන මත රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව විසින් ඉදිකරන ලදි. තවත් මෙවැනිම වහලයක් එම දෙපාර්තමේන්තුව මඟින් මාළිගාවිල ඓතිහාසික බුදු පිළිම වහන්සේ ආවරණය වන පරිදි ද තවත් වහලයක් ඓතිහාසික තිවංක පිළිම ගෙයි ආරක්ෂාව පිණිස රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මඟින් ද ඉදිකිරීමට කටයුතු කරන ලදි.

 

මාධ්‍ය මඟින් මේ පිළිබඳ පළ වූ වාර්තා හැරුණු කොට විහාරාධිපති හිමියන් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ජී.බී.මණ්ඩාවල මහතාට දැනුම් දිමක් කර නොමැති බවත් එම ලිපියේ සඳහන්.

අදාළ ඉදිකිරීම මඟින් පිළිම වහන්සේට කිසිදු අකුණු අනතුරක් සිදුනොවන බව විදුලි ඉංජිනේරුවරුන් විසින් තහවුරු කළ අතර, මෙම වහලයේ තාක්ෂණය අනුව එමඟින් අකුණු භුගත කරන බව ඔවුන් පෙන්වාදී ඇති බව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ජී.බී.මණ්ඩාවල මහතාට දැනුම් තිබෙනවා.

පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියේ සඳහන් වන්නේ “ දැනුම් අකුණු සැර වදින අවස්ථාවක ඒ ආසන්නයේ සිටින පුද්ගලයින්ට යම් බලපෑමක් ඇතිවීමේ හැකියාවක් ඇති බව පමණක් දැන ගන්නට ලැබුණි. එබැවින් එවැනි අනතුරු වැළැක්වීමට ආරක්ෂක ක්‍රමවේදයන් භාවිතා කළ යුතු බවට උපදෙස් ලැබුණි“ .

මෙම පිළිම වහන්සේ දහනව වන සියවස අග භාගයේ දී නැවත සොය ගන්නා අවස්ථාවේ දී වහලයකින් තොරව පැවති අතර, 1900 කාලයේ දී පොළවට සම්බන්ධ නැති ලෝහමය වහලයකින් හිස කොටස පමණක් ආවරණය කිරීමට කටයුතු යොදා තිබුණි.(ඡායාරූපය 01) පසුව එය ගලවා ඉවත් කළ අතර, 1970 දශකයේ දී පැරණි පාදම ආශ්‍රිතව සැලසුම් කළ ගඩොල් ආරුක්කු වහලයක් ඉදිකරන්නට යෙදුණු අතර, එම වහලය 1999 දී ගලවා ඉවත් කරන ලදි. ඉන්පසු නැවත නිරාවරණය වී තිබීම හේතුවෙන් 2013 දී දැනට ඉදිකර ඇති මෙම වහලය ඉදිකිරීම සඳහා කටයුතු කරන ලදි. වහලයක් නොමැති අවස්ථාවන්හී දී හෝ අනෙකුත් වහලයන් පැවති කාලයන්හී දී මෙම පිළිමයට අකුණු අනතුරු අවධානමක් නොතිබූ අතර, මේ හා සමාන වහල සහිත මාළිගාවිල පිළිමය, තිවංක පිළිමගෙය හා ගල් විහාරය යන කිසිදු ස්ථානයකින් මෙවැනි අනතුරුදායක තත්ත්වයක් වාර්තා නොවේ.

පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ජී.බී.මණ්ඩාවල මහතා පවසන්නේ මෙම ගැටළුව සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මහේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ උපදෙස් ලබා ගෙන ඇති අතර, මේ වන විට යකඩ භාවිතයෙන් වහල ඉදිකර ඇති පුරාවිද්‍යා ස්ථාන තුනටම අකුණු ආරක්ෂක උපකරණ සවි කිරීමට සැලසුම් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − twelve =