සිම්බාබ්වේ රාජ්‍යයේ පාලක පක්ෂයෙන් හමුදා ප්‍රධානියාට අනතුරු ඇඟවීමක්

(කොළඹ, ලංකාපුවත්) –සිම්බාබ්වේ රාජ්‍යයේ පාලක පක්ෂය එරට හමුදා ප්‍රධානියාට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

දේශපාලන කටයුතු සඳහා හමුදා මැදිහත්වීමක් පිළිබඳ ප්‍රකාශ කිරීම ඊට හේතුව වේ.

ජෙනරාල් කොන්ස්ටන්ටිනෝ චිවෙන්ගා, සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ එරට උප ජනාධිපතිවරයා ධුරයෙන් පහ කිරීමෙන් අනතුරුව ඔහු ජනාධීපතිවරයාට අභියෝග කර තිබුණි. පාලක සානු පී එෆ් පක්ෂය පිරිසිදු කිරීමට හමුදාව සූදානමින් සිටින බව හමුදා ප්‍රධානියා ප්‍රකාශ කර ඇත.

ඔහුගේ ප්‍රකාශය ජාතික සාමයට බාධාවක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනයට හේතුවන බව සානු පී එෆ් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පවසා සිටියි. තම පක්ෂය යුදමය තර්ජන වලට යටත් නොවන බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + 13 =