එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණඩලයේ යෝජනා සම්මත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –දැනට පවත්නා අධිකරණ ක්‍රමවේදය යටතේ එක් නඩුවක් විභාග කර අවසන් කිරීමට යන සාමාන්‍ය කාලය වසර 10ක් පමණ වන බැවින් ද, අභියාචනා දෙකක් සඳහා තවත් වසර 07 ක් පමණ ගතවන බැවින් ද, මෙවැනි පරීක්‍ෂණ හා නඩු විභාග කිරීම සඳහා යන කාලය අවම කරලීම යුගයේ අවශ්‍යතාවක් බව අවධාරණය කරන කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒ සඳහා පහත දැක්වෙන කඩිනම් පියවර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය යෝජනා කර තිබේ.
එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ඊයේ (15) මෙම යෝජනා ඉදිරිපත් වී සම්මත විය.

1. සෑම දූෂණ විරෝධී මහාධිකරණයක් සඳහාම විනිශ්චයකරුවන් තිදෙනෙක් පත් කිරීම.
2. මහාධිකරණයේ තීන්දු සඳහා සෘජුවම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කිරීමට අවකාශ සැලසීම.
3. නීතිපතිතුමාට වගකියන නඩු පැවරීමේ ඒකකයක් වෙනම ම ඇති කිරීම.

එසේම අධිකරණ සහ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සහ නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සමඟ නිරන්තරව සාකච්ඡා කරමින් දූෂණ හා වංචා පිළිබඳව සහ පැහැර ගැනීම්, අතුරුදහන් කිරීම් සහ ඝාතන පිළිබඳව පැවැත්වෙන පරීක්‍ෂණ හා ඊට අදාළ නඩු පැවරීම පිළිබඳ ප්‍රගතිය මසකට වරක් කෘත්‍යාධිකාරී මණ්ඩලයට වාර්තා කිරීම සඳහා අනුකමිටුවක් පත් කිරීමට ද මෙහිදී යෝජනා කර තිබේ.

දූෂණ සහ වංචා පිළිබඳ නඩු විමර්ෂණය කිරීම සඳහා නව මහාධිකරණ 3ක් පිහිටුවීමට අයවැය මගින් කළ යෝජනාව පිළිබඳව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සහ අධිකරණ සහ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය වෙත ස්තුතිය පළ කරමින්, ඒ යෝජනාව පිළිබඳව ප්‍රංශසාව පුද කරන අතර, පොලීසිය සහ මුල්‍ය අපරාධ පරීක්‍ෂණ අංශය විසින් දූෂණ හා වංචා පිළිබඳව පරීක්‍ෂණ 92 ක් නිම කොට නෛතික පියවර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇතත්, මෙතෙක් නීතිපති දෙපාර්මේන්තුව විසින් සිද්ධීන් 13 කට නඩු පවරා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *