ඩාවින්චිගේ සිතුවමක් වාර්තාගත මිලකට වෙන්දේසිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – පුනරුද සමයේ චිත්‍ර ශිල්පියෙකු වූ ලියනාඩෝ ඩාවින්චි නිර්මාණය කළ සිතුවමක් වාර්තාගත මිලකට වෙන්දේසි වී තිබේ.

ඔහු සිතුවම් කරන ලද ලෝකයේ ගැලවුම්කරුවා නමින් හැදින්වෙන සිතුවම මෙලෙස වෙන්දේසි කර ඇත. වසර 500ක් පමණ පැරණි එම සිතුවමෙහි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රුව සිතුවම් කර ඇති අතර එය “සැල්වේටර් මුන්දි“ ලෙස නම් කර තිබේ.

එය අමෙරිකා ඩොලර් මිලියන 450කට අලෙවි වූ බව සදහන් ය. මෙය ලොව මෙතෙක් පැවති වෙන්දේසියකදී කලා නිර්මාණයක් සදහා ලැබුණු ඉහළම ලංසුව බවටද වාර්තා වේ.

මෙම සිතුවම 1958 වර්ෂයේදී ද ලන්ඩන් හීදී ඩොලර් 60කට අළෙවි වී ඇති බව සඳහන්ය.

මීට පෙර ලොව ඉහළම ලංසුවකට අලෙවි වූ කලා නිර්මාණය ලෙස සැළකෙන්නේ 2015 වසරේ දී වෙන්දේසි කළ පැබ්ලෝ පිකාසෝගේ ඇල්ජියර්ස් හි කාන්තාවෝ සිතුවමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 1 =