ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.

ඔහුගේ ඇපකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබේ.

අමෙරිකා ඩොලර් තුන්ලක්ෂ තිස් දෙදහසක රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම හා විශ්වාසය කඩ කිරීම යන චෝදනා ජාලිය වික්‍රමසූරිය මහතාට එල්ල වී තිබේ. පොදු දේපල හා මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහුට නඩු පැවරීමට මූල්‍ය අපරාධ කොට්ඨාසය කටයුතු කළේය.

ඇප මත මුදා හැර සිටින වික්‍රමසූරිය මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ වරෙන්තු නිකුත් කර තිබේ.

ඇසේ රෝගයකට ප්‍රතිකාර ගැනීම සදහා අමෙරිකාවට ගොස් සිටින බැවින් ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටි බව ප්‍රකාශ කෙරුණි. ජාලිය වික්‍රමසූරිය මහතාට එරෙහිව වරෙන්තු නිකුත් කළ කොටුව මහේස්ත්‍රාත්වරිය එහි පිටපතක් කටුනායක ගුවන්තොටුපළේ ආගමන විගමන පාලකවරයා වෙත යොමු කරන ලෙසද නියෝග කර තිබේ.

නඩුව ජනවාරි 05වනදා යළි කැදවීමට අධිකරණය නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 + one =