ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව සංවිධායකවරු

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා පත් කෙරුණු නව දිස්ත්‍රික් සංවිධායකවරු තිදෙනෙක් ඊයේ (16) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

01 එම්.එච්. මන්සීල් මහතා නැගෙනහිර කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත්කර තිඛෙන අතර,

02 කොළොන්නාව නගර සභාවේ හිටපු සභාපති රවින්ද්‍ර උදයශාන්ත මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස පත්කර තිබේ.

03 එමෙන්ම මොරටුව හිටපු නියෝජ්‍ය නගරාධිපති ඩි.එම්. සුජිත් පුෂ්පකුමාර මහතා ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙක් ලෙස පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *