යළි පදිංචි කළ ප්‍රජාවගේ සහායට එක්සත් ජාතීන්ගේ සංවර්ධ වැඩසටහන සමග නෝර්වේ හවුල්වේ

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂ යෝන් සොරෙන්සන් මහතා සහ නෝර්වේ රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති තුර්බ්යෝන් ගවුස්ටාසේතර් මහතා විසින් යාපනයේ මෑතකදී නැවත පදිංචි කළ ප්‍රජාව සදහා නෝර්වේ රජයේ අනුග්‍රහය ලබාදීමේ ගිවිසුමක් පසුගියදා අත්සන් කළේය.

එම හවුල් ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් නෝර්වේ රජයේ අනුග්‍රහය හරහා මෑතකදී නැවත පදිංචි කරන ලද ප්‍රජාව සදහා වෙළෙදපල පදනම් වූ ජීවනෝපාය අවස්ථාවන් සලසා දෙමින් ප්‍රදේශයේ ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කරනු ඇත.

එමෙන්ම මයිලඩි වරාය ප්‍රදේශ සංවර්ධනය කිරීමේ ප්‍රධාන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සදහා ද සහාය වේ. මෙමගින් ධීවර අංශය සදහා දායකත්වය ලැබෙන අතර යාපනය දිස්ත්‍රික්කයේ සමස්ථ ආර්ථික වර්ධනය සදහා ද අනුග්‍රහයක් ලැබෙනු ඇත.

අමෙරිකා ඩොලර් මිලියනයක මුදල් අනුග්‍රහයක් යටතේ ක්‍රියාත්මක වන මෙම එක් අවුරුදු ව්‍යාපෘතිය මගින් මයිලඩි වරාය ප්‍රදේහයේ පවුල් 550කට ඍජු ප්‍රතිලාභීන් ලෙස තිරසර ජීවනෝපාය අවස්ථාවන් නිර්මාණය වනු ලැබේ.

යාපනය දිස්ත්‍රික්කයේ තෙලිප්පලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාර්මික ධාරිතාවයද සවිමත් කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *