2018 අපේ‍්‍රල් වන විට විදෙස් ශ‍්‍රමික විශ‍්‍රාම වැටුපක්

(කොළඹ, ලංකාපුවත්) –2018 වසරේ අපේ‍්‍රල් මාසය වන විට විදෙස් ශ‍්‍රමිකයින් සඳහා යෝජනා වී තිබෙන විශ‍්‍රාම වැටුප ලබාදිය හැකිවන බව ධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළාය.

2017 වර්ෂයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරයට ලක්වූ ශ‍්‍රමිකයින් සඳහා කෝටි දෙකකට අධික වන්දි මුදලක් ලබාදිමට හැකිවුණු බව ද ඇය පැවසුවාය.

අමාත්‍යවරිය මේ අදහස් පළකළේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා ගොස් එරටදී විවිධ කරදරවලට ලක්වූ ශ‍්‍රමිකයින් 38 දෙනෙකු වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රුපියල් එක්කෝටි හය ලක්ෂයක වන්දි මුදල් ප‍්‍රමාණයක් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙලෙස ලබාදුන් වන්දි මුදල් අතරට විදේශ රැකියාව අතරතුරදී හා මෙරටට පැමිණීමෙන් පසු සිදුවූ මරණ 15ක් සඳහා රු.4,200,000.00 ද, වෛද්‍යාධාර සඳහා ශ‍්‍රමිකයින් 13 දෙනෙකු වෙනුවෙන් රු.1,850,000 හා යැපෙන්නන් සඳහා එක් ශ‍්‍රමිකයෙකු වෙනුවෙන් රු.50,000.00 ද මුදලක්ද පිරිනමන ලදී.

විදේශ රැකියා සඳහා ලියාපදිංචි ශ‍්‍රමිකයින්ට වන්දි ලබාදෙන රක්‍ෂණ ක‍්‍රමයට ඇතුළත් නොවූ මියගිය හා ආබාධිත වූ වන්දි ලාභීන් වෙනුවෙන් ල විගමනික සේවක සුභසාධන අරමුදල මඟින් මෙසේ වන්දි මුදල් ලබාදේ. ඒ අනුවල රක්‍ෂණ කාලය අවසන් වී තවදුරටත් එය දීර්ඝ නොකර සේවයේ යෙදී සිටි හා රක්‍ෂණ ක‍්‍රමය මඟින් ආවරණය නොවූ තත්වයන් වෙනුවෙන් මෙම වන්දි ප‍්‍රදානය කෙරේ.

2017 වසරේ විදේශ රැකියාව අතරතුරදී හා මෙරටට පැමිණීමෙන් පසු සිදුවූ මරණ 58ක් සඳහා රු.16,000,000.00 ද, වෛද්‍යාධාර සඳහා ශ‍්‍රමිකයින් 47 දෙනෙකු වෙනුවෙන් රු.6,400,000 හා යැපෙන්නන් සඳහා එක් ශ‍්‍රමිකයින් 8 දෙනෙකු වෙනුවෙන් රු.500,000.00 ද මුදලක්ද පිරිනමන ලදී. ඒ අනුව ශ‍්‍රමිකයින් 113 දෙනෙකු වෙනුවෙන් රු.22,900,000.00ක මුදලක් විගමණික සේවක සුභසාධන අරමුදල මඟින් ලබාදී තිබේ.

2016 වසරේ විදේශ රැුකියාව අතරතුරදී හා මෙරටට පැමිණීමෙන් පසු සිදුවූ මරණ 62ක් සඳහා රු.14,680,000.00 ද, වෛද්‍යාධාර සඳහා ශ‍්‍රමිකයින් 75 දෙනෙකු වෙනුවෙන් රු.9,410,000 හා යැපෙන්නන් සඳහා එක් ශ‍්‍රමිකයින් 16 දෙනෙකු වෙනුවෙන් රු.1,100,000.00 ද මුදලක්ද පිරිනමන ලදී. ඒ අනුව ශ‍්‍රමිකයින් 153 දෙනෙකු වෙනුවෙන් රු.25,190,000.00ක මුදලක් විගමණික සේවක සුභසාධන අරමුදල මඟින් ලබාදී තිබේ.

එසේම මීට අමතරව විදේශ රැුකියාව කරන අතරතුරදී මිය ගිය හා එරට කළ රැකියාව හේතුවෙන් මෙරටට පැමිණ මරණයට පත්වූ ශ‍්‍රමිකයින් 9 දෙනෙකු වෙනුවෙන් කාර්යාංශ රක්‍ෂණ අරමුදල මඟින් රුපියල් ලක්‍ෂ 45ක මුදලක්ද අද දිනයේදී පිරිනමන ලදී.

2016 වර්ෂයේදී විගමණික ශ‍්‍රමිකයින් 51 දෙනෙකු සඳහා රු.24,834,526.84ක් (දෙකෝටි හතලිස් අට ලක්ෂ තිස් හතර දහස් පන්සිය විසි හයයි ශත අසූ හතරක) හිඟ වැටුප් ලෙස කාර්යාංශය මැදිහත්වී ලබාදී තිබෙන අතර, 2017 වසරේ මේ දක්වා කාලය තුළ ශ‍්‍රමිකයින් 115 දෙනෙකු වෙනුවෙන් රු.51,640,563.00ක (පන්කෝටි දහසය ලක්ෂ හතලිස් දහස් පන්සිය හැටතුන) මුදලක් හිඟ වැටුප් වශයෙන් ලබාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 + 15 =