අගමැතිගෙන් බැදුම්කර කොමිසමට තුති

(කොළඹ, ලංකාපුවත්) – මහබැංකු බැදුම්කර කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට තමාට අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් තමා කොමිසමට ස්තූතිවන්ත වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

යහපාලන රජය අඩුපාඩු හදාගෙන ඉදිරියට යන ආණ්ඩුවක් බැවින් ඕනෑම කෙනෙකුට අපගේ වැරදි අඩුපාඩුකම් පෙන්වාදීමේ හැකියාව පවතින බව අග්‍රාමාත්‍යවරයා මහබැංකු බැදුම්කර ජනාධිපති කොමිසමට ප්‍රකාශයක් ලබා දී යලිත් පිටතට පැමිණෙද්දී මාධ්‍යවේදීන් හමුවේ සදහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිසම වෙත අද (20)පෙරවරු 9.50ට පැමිණි අතර අග්‍රාමාත්‍යවරයා කොමිෂන් සභා භූමියෙන් පිටත්ව ගියේ පැය එකහමාරක පමණ කාලයක් කොමිසමට කරුණු දැක්වීමෙන් අනතුරුවය.

මහබැංකු බැදුම්කර ජනාධිපති කොමිසමේ පරීක්ෂණවල දී තමන් පිළිබඳව ඉදිරිපත් වූ කරුණු, පැහැදිලි කිරීම සඳහායි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද කොමිසම හමුවට පැමිණියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *