ඉන්දීය – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉණිම ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉණිම මේ වන විට පැවැත්වේ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉණිම ක්‍රීඩා කරන ඉන්දියාව කඩුලු 5ක් දැවී ලකුණු 263ක් ලබා සිටි.

ඉන්දියාවේ කොල්කටා ඊඩ්න් ගාඩ්න් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කළේය.

මේ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 172කට සීමා කිරීමට ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් සමත් විය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 294ක් ලබාගත්තේය.

මේ අනුව ලකුණු 122ක් පිටුපසින් සිටිමින් සිය දෙවන ඉණිම ඇරඹූ ඉන්දියාවට සාර්ථක ආරම්භයක් ලබාදීමට ආරම්භක පිතිකරුවන් දෙදෙනා සමත් විය. ශිකර් දවාන් ලකුණු 94ක් ලබාසිටිය දී දසුන් ශානකගේ පන්දුවකට උඩපන්දුවක් ලබාදෙමින් දැවී ගියේය. ලෝකේෂ් රාහුල් ලකුණු 79යි.

අද (20)දිනයේ ඉන්දීය දෙවන ඉනිමේ පළමු කඩුලු තුනම දවා ගත්තේ සුරංග ලක්මාල් ය. තරගයේ අවසන් දිනය අදයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 2 =